මේ ජලාශවල විශේෂ තත්ත්ව පරීක්ෂාවක් - හේතුව මෙන්න

Report

මහවැලි අධිකාරිය යටතේ පාලනය වන මහා පරිමාණ සහ කුඩා පරිමාණ විදුලිය උත්පාදනය කරන ජලාශයන්හි තත්ත්ව පරීක්ෂණයක් සිදු කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව මහවැලි අධිකාරිය සඳහන් කරයි.

මහවැලි අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරු ඩී. එම්. ධර්මදාස සඳහන් කළේ විදුලිය උත්පාදනය කෙරෙන ජලාශ 10ක් ඇතුළුව මහවැලි අධිකාරිය යටතේ පාලනය වන ජලාශ 20ක් සම්බන්ධයෙන් මෙම තත්ත්ව පරීක්ෂාව සිදු කරන බවයි.

එසේම මෙහිදී වික්ටෝරියා, කොත්මලේ, රන්ටැඹේ, රන්දෙණිගල, දඹුලු ඔය, මොරගහකන්ද, පොල්ගොල්ල, උඩවලව, බෝව තැන්න, මාදුරු ඔය යන ජලාශ මේ වනවිට ජල විදුලි උත්පාදනය කිරීම සඳහා දායකත්වය සපයන බව සඳහන්.

බෙංගාල බොක්කේ කැළඹීම වැඩි වෙයි - ජනවාරි 08 සිට අනතුරු ඇඟවීම්

බෙංගාල බොක්කේ කැළඹීම වැඩි වෙයි - ජනවාරි 08 සිට අනතුරු ඇඟවීම්

කෙසේ වෙතත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සමඟ එක්ව මෙම තත්ත්ව පරික්ෂාව සිදු කරන අතර මෙහිදී අවදානම් තත්ත්වයේ යැයි හඳුනාගනු ලබන ජලාශ සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කරන බව ද සඳහන්.

එමෙන්ම මෙහිදී කොත්මලේ සහ උමා ඔය ජලාශ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන අතර එම ජලාශ පිළිබඳව ඉකුත් විශ්ලේෂණ වාර්තා දත්තයන් පදනම් කරගෙන වැඩි අවධානයක් යොමු කෙරෙන බවට ප්‍රධාන ඉංජිනේරුවරායා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ප්‍රවේශම් වෙන්න - බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහල වායුගෝලයේ කැලඹිලි

ප්‍රවේශම් වෙන්න - බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහල වායුගෝලයේ කැලඹිලි

නරක ආරංචියක් - බරපතළ රෝගයක් නිසා ගෙවුණු දවස් පහට විතරක් රෝගීන් 793ක්

නරක ආරංචියක් - බරපතළ රෝගයක් නිසා ගෙවුණු දවස් පහට විතරක් රෝගීන් 793ක්