උත්සව සමය වෙනුවෙන් ගත්ත විශේෂ තීරණයක් - 1500ක්?.

Report

උත්සව සමය වෙනුවෙන් විශේෂ වැටලීම් කටයුතු සඳහා නිලධාරීන් 1500කට ආසන්න සංඛ්‍යාවක් යොදවා තිබෙනවා.

උත්සව සමය වෙනුවෙන් ගත්ත විශේෂ තීරණයක් - 1500ක්?. | Special Raids For The Festive Season

ඒ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ ය.

ඒ අනුව දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 365 ආවරණය වන පරිදි මෙම වැටලීම් ක්‍රියාත්මක බව එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

මෙහිදී ආහාර පරිහරණ ආයතන, හෝටල් සහ ආපනශාලා පරීක්ෂාව සිදු කෙරෙනු ඇත.

කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා කියා සිටියේ බෝ වන රෝගයකින් නොපෙළෙන බවට වන වෛද්‍ය වාර්තාවක් සියලුම ආහාර පරිහරණ ආයතන සේවකයින් සතුව තිබිය යුතු බවයි.