මාතර ශිෂ්‍යත්ව අපේක්ෂකයන්ට විශේෂ දැනුම් දීමක්.

Matara Sri Lanka Grade 05 Scholarship examination Weather
By Hashini Oct 12, 2023 06:22 AM GMT
Hashini

Hashini

Report

 මාතර ආපදා කළමනාකරණ ඒකකය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් වෙතයි.

එම ප්‍රදේශයේ දරුවන්ට සහ විභාග කාර්ය මණ්ඩලයට පවතින කාලගුණ තත්ත්වය මත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට අපහසුතා ඇත්නම් මේ මස 14 වන දිනට පෙර ඒ පිළිබඳ දැනුවත් කරන ලෙස එම දැනුම් දීම කර තිබෙනවා.

මාතර ආපදා කළමනාකරණ ඒකකය ඒ වෙනුවෙන් දුරකථන ලබා දී තිබෙනවා.

ඒ අනුව දුරකථන අංක 0412 234 134 හෝ ක්ෂණික දුරකථන අංක 117 ඔස්සේ ඔවුන් දැනුවත් කරන ලෙස එම ඒකකය දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරනවා. 

ReeCha