මේ සේවා බිඳවැටීමේ අවදානමක් - නැවත නිවැරදි කිරීමට වහාම කටයුතු කළ යුතු බවට GMOA වෙතින් අනතුරු ඇඟවීමක්

Report

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මඟින් වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු සහ පශ්චාත් සීමා වාසික වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේ ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් හා අක්‍රමිකතා නිසා පර්යන්ත රෝහල් සහ ප්‍රාථමික සෞඛ්‍ය ඒකකවල සේවා බිඳවැටීමේ අවදානමක් මතුව ඇති බව සඳහන් කරයි.

ඒ අනුව එම සංගමය පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය සේවාව දීප ව්‍යාප්ත සේවාවක් වශයෙන් පවත්වාගෙන යාමට විධිමත් ස්ථාන මාරු ක්‍රියාවලියක් අත්‍යවශ්‍ය වන බවයි.

එමෙන්ම ඔවුන් පෙන්වා දී ඇත්තේ සෑම වසර හතරකටම වරක් කුසලතාව මත පදනම්ව ක්‍රියාත්මක වන වෛද්‍ය නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලිය, දුෂ්කර හා පර්යන්ත රෝහල් ඇතුළු රට පුරා වෛද්‍ය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණාත්මක වන බවයි.

එසේම පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේදී සේවා අවශ්‍යතා සහ ආයතනික අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ස්ථාන මාරු මණ්ඩල ඔස්සේ තීරණ ගන්නා බවද ඔවුන් පවසා ඇති බව වාර්තා වේ.

ජනතාවට දැනුවත් කිරීමක් - ඔක්තෝබර් 21 සහ 22 ශ්‍රී ලාංකිකයින්ටත් ඇස් අදහා ගන්න බැරි තරම් විශේෂ අවස්ථාවක්

ජනතාවට දැනුවත් කිරීමක් - ඔක්තෝබර් 21 සහ 22 ශ්‍රී ලාංකිකයින්ටත් ඇස් අදහා ගන්න බැරි තරම් විශේෂ අවස්ථාවක්

ඔවුන් චෝදනා කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ අදාළ බලධාරීන්ගේ අකාර්යක්ෂම හා අත්තනෝමතික ක්‍රියාමාර්ග නිසා මෙම ක්‍රියාවලිය මේ වනවිට අර්බුදයකට පත්ව තිබෙන බවයි.

එමෙන්ම එම සංගමය චෝදනා කරන්නේ ආයතන සංග්‍රහය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටිගත රීති අනුව වෛද්‍ය ස්ථාන මාරු සහ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් ස්ථානගත කිරීම වෙනුවෙන් ස්ථාන මාරු මණ්ඩලවල සහභාගිත්වය පිළිගෙන තිබියදීත්, අධ්‍යක්ෂ - වෛද්‍ය සේවා මඟින් වගකීම් විරහිතව හා අත්තනෝමතිකව ක්‍රියා කිරීම නිසා පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ ස්ථානගත කිරීම් ප්‍රමාද වී තිබෙන බවටයි.

තවද වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලියද අවිධිමත් හා අකාර්යක්ෂම තත්ත්වයකට පත්ව ඇති බවත් එම තත්ත්වය හේතුවෙන් ප්‍රාථමික සෞඛ්‍ය ඒකක ඇතුළු පර්යන්ත රෝහල්වල සේවා බිඳ වැටීමේ අවදානමක් මතුව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ලාෆ් ගෑස් සහ ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - රටේ ගෑස් හිඟයට විසඳුම්

ලාෆ් ගෑස් සහ ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - රටේ ගෑස් හිඟයට විසඳුම්

එබැවින් වාර්ෂික ස්ථාන මාරු ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින වෛද්‍යවරුන්ටද සිය ස්ථාන මාරු ක්‍රියාත්මක කරගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බව සංගමය සඳහන් කරයි.

තවද මෙම සංගමය සඳහන් කරනුයේ සේවා අවශ්‍යතා සහ ආයතනික අවශ්‍යතා නොසලකා ඇතැම් අවස්ථාවලදී ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම නිසා සෞඛ්‍ය සේවා සැපයීමද අර්බුදයට ලක්ව තිබෙන බවයි.

එබැවින් අධ්‍යක්ෂ - වෛද්‍ය සේවා මඟින් සිදුකරන අකාර්යක්ෂම, අවිධිමත් සහ අත්තනෝමතික ක්‍රියාපටිපාටිය නිසා ස්ථාන මාරු ක්‍රියාවලිය අර්බුදයකට ලක්වී රෝගී සත්කාර සේවාවන්ටද බාධා එල්ල වී ඇති බවත් එය නැවත නිවැරදි කිරීමට වහාම කටයුතු කළ යුතු බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා ඇති බව වාර්තා වේ.

පාරිභෝගික ආරක්ෂාවට ඉතා වැදගත් - දිවයිනේ දිස්ත්‍රික්ක 20ක් වටලයි - මේ ලාංඡනය නොමැති PVC ජලනළ බට හා සන්ධි උපාංග සියල්ල නිලධාරීන් භාරයට

පාරිභෝගික ආරක්ෂාවට ඉතා වැදගත් - දිවයිනේ දිස්ත්‍රික්ක 20ක් වටලයි - මේ ලාංඡනය නොමැති PVC ජලනළ බට හා සන්ධි උපාංග සියල්ල නිලධාරීන් භාරයට