විද්‍යුත් හැඳුනුම්පත් බෙදා හැරීම පිළිබඳ විශේෂ දැනුම්දීමක්
ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසා ඇත්තේ රජය විසින් රට තුළ විද්‍යුත් හැඳුනුම්පතක් හඳුන්වා දීමට සැලසුම් කර ඇති බවයි.
අද (25) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
2026 මැද භාගය වන විට විද්‍යුත් හැඳුනුම්පත හඳුන්වා දීමට නියමිත බව ඔහු පෙන්වා දුන්නේය.
විද්‍යුත් හැඳුනුම්පත මගින් පුද්ගලයෙකුගේ අනන්‍යතාවය සත්‍යාපනය කිරීම පහසු වන අතර, ජානමය දත්ත ආරක්ෂිතව ගබඩා කිරීමට හැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මෙම ව්‍යාපෘතිය හරහා රජයේ සහ පෞද්ගලික ආයතනවල ලේඛනගත සහතික කිරීමේ අවශ්‍යතාවය අඩු වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
විද්‍යුත් හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීමෙන් පසු මාර්ගගත වංචා පාලනය කළ හැකි බව එරංග වීරරත්න මහතා සඳහන් කළේය.