කළමනාකරණ සේවා නිලධාරි III ශ්‍රේණියේ විභාගය ගැන විශේෂ නිවේදනයක්
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2024 (2025) ඔක්තෝබර් මස 05 වන දින රට පුරා පැවැත්වීමට නියමිත බව නිවේදනය කර ඇත.
අඳාළ නිවේදනය විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මෙම විභාගය සඳහා අදාළ ප්‍රවේශ පත්‍ර දැනටමත් දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙතින් බාගත කිරීමේ හැකියාව සලසා දී ඇති බව දන්වයි.
එමෙන්ම මෙම විභාගය සම්බන්ධයෙන් යම්කිසි විමසීමක් තිබේ නම් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ආයතනික විභාග සංවිධාන ශාඛාව පහත සඳහන් දුරකථන අංක හරහා සම්බන්ධ කර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එබැවින් 011-2785230 / 011-3661244 / 011-3661246 යන දුරකථන අංක සහ forex@sitnet.lk යන විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේද අපේක්ෂකයින්ට කිසියම් විමසීමක් ඇත්නම් සිදුකළ හැකි බව වැඩිදුරටත් දැනුම් දෙයි.