පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩු කටයුතු විභාග කරන්න විශේෂ මහාධිකරණයක්

Report

පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩු කටයුතු විභාග කිරීම වෙනුවෙන් විශේෂ මහාධිකරණයක් ස්ථාපිත කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව එහි විභාග කටයුතු අංක C 76, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ස්ථානයේ පිහිටා ඇති හිටපු අමාත්‍ය නිල නිවාසයක් තුළ සිදු කරන බව වාර්තා වේ.

ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීම කඩිනම් කරන ලෙසට විෂය භාර අමාත්‍ය හර්ෂණ නානයක්කාර මහතා අද (12) දින උපදෙස් ලබා දී ඇත.

ඒ අද (12) දින රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මඟින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට වෙත ලබා දී ඇති නිල නිවාසවල අධිකරණ ස්ථාපිත කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්.

අමරකීර්ති ඝාතන නඩුවේ අයට වගේම පාර්ලිමේන්තුව ගිනි තියන්න ආව අයටත් මරණ දඬුවම දෙයිද?

අමරකීර්ති ඝාතන නඩුවේ අයට වගේම පාර්ලිමේන්තුව ගිනි තියන්න ආව අයටත් මරණ දඬුවම දෙයිද?

එසේම හිටපු අමාත්‍යවරුන් විසින් පරිහරණය කරන ලද අධිකරණ ස්ථාපිත කිරීමට පවරා ගත් සෙසු නිල නිවාසවලට උසාවි පිහිටුවීමට අවශ්‍ය යටිතල පහසුකම් කඩිනමින් ලබා දෙන්න ලෙසට ඔහු සඳහන් කර ඇත.

දුෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්මේ (2025-2029) අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට පැවරී ඇති කාර්ය භාරයන් ක්‍රියාත්මක කරමින් නඩු කටයුතු කඩිනම් කිරීමට හිටපු අමාත්‍යවරුන් විසින් පරිහරණය කරන ලද නිල නිවාස හතරක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට තාවකාලික පදනමින් ලබාදී තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව අංක B/ 88, ග්‍රෙගරි පාර, කොළඹ 07, අංක C 76, බෞද්ධාලෝක මාවත, කොළඹ 07, අංක B108, විජේරාම පාර, කොළඹ 07 සහ B 12, ස්ටැන්මෝ චන්ද්‍රවංකය යන ලිපිනයන්හි පවතින නිල නිවාස අධිකරණ අමාත්‍යංශයට මෙසේ ලබාදී ඇති බව සඳහන්.

තංගල්ලේ ලොකු ප්‍රශ්නයක් - මෘත ශරීර වැහි වහී

තංගල්ලේ ලොකු ප්‍රශ්නයක් - මෘත ශරීර වැහි වහී

පාස්පෝර්ට් ගන්න බැරි වෙයිද? විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම නවතී - මෙන්න හේතුව

පාස්පෝර්ට් ගන්න බැරි වෙයිද? විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම නවතී - මෙන්න හේතුව

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර