පාස්පෝර්ට් ගන්න බැරි වෙයිද? විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම නවතී - මෙන්න හේතුව
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම අඩාල වී ඇති බව තොරතුරු වාර්තා වේ.
පද්ධති බිඳවැටීම තුලින් කඩිනම් සේවාවක් ලබාදීමට අපහසු වීම හේතුවෙන් බොහෝ පිරිසක් දුෂ්කරතා සදහා මුහුණ පා ඇති බව වාර්තා වේ.
පද්ධති බිඳවැටීමට හේතුව පරික්ෂා කරන අතර හැකි ඉක්මනින් සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.