තංගල්ලේ ලොකු ප්‍රශ්නයක් - මෘත ශරීර වැහි වහී

Report

තංගල්ල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ ඉඩ පහසුකම් නොමැති වීම නිසා මෘත ශරීර මතට අයිස් දමා, එම මෘත ශරීර මෘත ශරීරාගාරය ඉදිරිපිටම ට්‍රොලිවල තැන්පත් කර කොරිඩෝවේ තැබීමට සිදුව ඇත.

ඒ අනුව බෙලිඅත්ත, නාකුළුගමුව, රන්න, අඟුණකොළපැලැස්ස, වීරකැටිය ආදී ප්‍රාදේශීය සහ දිසා රෝහල්වලදී මියගිය පුද්ගලයන් මෙන්ම හදිසි අනතුරුවලින් මියයන පුද්ගලයන්ගේ මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණවලට රැගෙන එනු ලබන්නේ තංගල්ල මූලික රෝහල වෙතටයි.

එබැවින් එම පරීක්ෂණ අවසන් වනතුරු එම සිරුරු තංගල්ල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරයි.

එසේ වුවත් වසර 4ක් වැනි කාලයක සිට රෝහලට ප්‍රමාණවත් තරම් ශීතාගාර පහසුකම් නොමැතිවීම විශාල ගැටලුවක් බවට පත්ව ඇත.

යාපනයේ උණුසුම් තත්ත්වයක් - පොලිසියෙන් වෙඩි කෑ දරුවාට යුක්තිය ඉල්ලා විරෝධයක්

යාපනයේ උණුසුම් තත්ත්වයක් - පොලිසියෙන් වෙඩි කෑ දරුවාට යුක්තිය ඉල්ලා විරෝධයක්

ඒ අනුව තංගල්ල මූලික රෝහලේ පැරණි මෘත ශරීරාගාරයේ එක්වර මෘත ශරීර 6ක් තැබිය හැකි ශිතාගාරයක් තිබී ඇති වුවත්, මේ වන විට එය යළි ප්‍රතිසංස්කරණය කළ නොහැකි මට්ටමටම අබලන් වී ඇති බව සඳහන්.

එනිසා එම ශීතාගාරය දැනට ප්‍රයෝජනයක් ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බව රෝහල් කාර්ය මණ්ඩලය සඳහන් කරයි.

එමෙන්ම නව මෘත ශරීරාගාරයේ දැනට ඇත්තේ එක්වර සිරුරු 2ක් පමණක් තැන්පත් කළ හැකි ශීතාගාරයක් වන අතර, එය ප්‍රමාණවත් නොවන බව කාර්යය මණ්ඩලය පවසයි.

එනිසා මෘත ශරීර තැන්පත් කර තැබීමට නොහැකි තත්ත්වයක් අද වනවිට මතුව තිබෙනවා. එසේම අද (12) පෙරවරුවේ මෙම මෘත ශරීරාගාරය මෘත ශරීරවලින් පිරී ගොස් තිබීම නිසා එම සිරුරු ට්‍රොලි මත තබා අයිස් දමා තිබීමට රෝහල් කාර්යය මණ්ඩලයට සිදුව ඇත.

අරමරකීර්තී ඝාතන නඩුවේ හදිසි වෙනසක් - ඝාතකයෝ ජනපති සමාව ඉල්ලන්න යයි - තීන්දුව වෙනස් වෙයිද?

අරමරකීර්තී ඝාතන නඩුවේ හදිසි වෙනසක් - ඝාතකයෝ ජනපති සමාව ඉල්ලන්න යයි - තීන්දුව වෙනස් වෙයිද?

එබැවින් අයිස් දැමූ මෘත ශරීර 3ක් මෘත ශරීරාගාරයෙන් පිටත කොරිඩෝවේද, තවත් මෘත ශරීරයක් ශීතාගාරයෙන් පිටත ට්‍රොලියකද තැබීමට සිදුව ඇත.

මේ අතර මියගිය පුද්ගලයන්ගේ ඥාතීන් ලවාම අයිස් ගෙන්වා තිබූ අතර, එම පුද්ගලයෝ ද මේ හේතුවෙන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව සඳහන්.

කෙසේ වුවත් මෘත ශරීරාගාරයේ ඉඩ පහසුකම් ගැටලුව සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ සෞඛ්‍ය බලධාරින් දැනුවත් කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය පියවර ගෙන තිබුණද, ඉන් මෙතෙක් ඵලක් වී නොමැති බව සඳහන්.

ගිනි ගත් බංගලාදේශයේ ඉරණම වෙනස් වෙයිද? දැඩි දේශපාලන අර්බුදය මැද පවත්වන මහ මැතිවරණය අද

ගිනි ගත් බංගලාදේශයේ ඉරණම වෙනස් වෙයිද? දැඩි දේශපාලන අර්බුදය මැද පවත්වන මහ මැතිවරණය අද

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර