ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක්
srilanka
Politics
Gotabhaya rajapaksha
By Sithumi
එකඟතාවන්ට එළැඹ ද්විපාර්ශ්වීයව ගනුලබන තීරණ පිළිබඳව දෙරටේ ජනතාව නිවැරදිව දැනුවත් කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා වෙත පවසා තිබේ.
වාසි අවාසි පැහැදිලි කරදී ජනතා බහුතර කැමැත්ත ගෙන ක්‍රියා කිරීමේ අවශ්‍යතාව බෙහෙවින් වැදගත් බව එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපතිවරයා ඒ බව පවසා ඇත්තේ ඉන්දීය විදේශ ලේකම්වරයා සමග අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීය.
