ඡන්ද පෙට්ටි ගැන ලොකු සැකයක්.? - මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක්.

Report

ඡන්ද විමසීම අවසන් කිරීමෙන් පසුව ඡන්ද පොළෙන් රැගෙන එන ඡන්ද පත්‍රිකා බහාලු ඡන්ද පෙට්ටියම කිසිඳු වෙනසක් නොමැතිව නියමිත ගණන් කිරීමේ ශාලාව වෙත ගෙනවිත් භාරදෙන්නේ ද යන්න පිළිබඳව සමහර දේශපාලඥයන්, අපේක්ෂකයන් තුළ සැක ඇති බව ප්‍රකාශ කර ඇති බවයි වන්නේ.

කෙසේ එවැනි කිසිදු අක්‍රමිකතාවක් සිදුවිය නොහැකි නමුත් එකී සැකය දුරු කිරීමේ පියවරක් වශයෙන් පසුගිය ඡන්ද වීමසීම්වලදී ඡන්ද පෙට්ටිය විනිවිද පෙනෙන බෑගයක දමා අගුලු දමා රැගෙන ඒමට උපදෙස් දුන් බවත් මෙම ඡන්ද වීමසීමේදී එම ක්‍රියා පිළිවෙල ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනු ලබන බවත් මැතිවරණ කොමිසන් සභාව නිවේදනය කළා.

ඔන්න මාධ්‍ය ආයතන අතේ තමා වැඩේ තියෙන්නේ. - මෙන්න මේ නීති කැඩුවොත් ඡන්ද ප්‍රතිඵල නෑ.(UPDATE)

ඔන්න මාධ්‍ය ආයතන අතේ තමා වැඩේ තියෙන්නේ. - මෙන්න මේ නීති කැඩුවොත් ඡන්ද ප්‍රතිඵල නෑ.(UPDATE)

ඡන්දය කට උඩ තියන් ජනපති තීරණය කරන සුපිරි පිල් මාරුවකට ලෑස්තියි. - එම දින වකවානු මෙන්න.

ඡන්දය කට උඩ තියන් ජනපති තීරණය කරන සුපිරි පිල් මාරුවකට ලෑස්තියි. - එම දින වකවානු මෙන්න.


එමෙන්ම ඡන්ද විමසීමෙන් පසු ඡන්ද පෙට්ටිය මුද්‍රා තැබීමේ දී අහඹු ලෙස තෝරා ගත් ඡන්ද පොළ කාර්ය මණ්ඩල සාමාජිකයන් ඡන්ද පොළ නියෝජිතයන් විසින් පිටපත් 6කින් යුතුව අත්සන් කළ ආකෘතියක මුල් පිටපත ද එහි අලවා එක් පිටපතක් සුරක්ෂිතව ගණන් කිරීමේ ශාලාව වෙත යවන අතර අනෙකුත් පිටපත් එම අවස්ථාවේදීම ඡන්ද පොළ නියෝජිතයන්ට නිකුත් කිරීමටද ක්‍රියා කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර ඡන්ද පොළේ සිට ගණන් කිරීමේ ශාලා පරිශ්‍රය ආසන්නයේ වූ අවසන් පොලිස් මුරපොළ දක්වා ඡන්ද පෙට්ටිය රැගෙන එන වාහනය පසුපසින් අපේක්ෂකයන්ගේ නියෝජිතයින් වාහනයකින් පැමිණීමට අවශ්‍ය යැයි කරනු ලබන ඉල්ලීමකට ඉඩ දීමට තීරණය කර ඇත.

ලකුණ මාරු කරගන්නේ නැතුව ඔබේ ඡන්දය හරියටම දාන්නේ මෙහෙමයි. - (VIDEO)

ලකුණ මාරු කරගන්නේ නැතුව ඔබේ ඡන්දය හරියටම දාන්නේ මෙහෙමයි. - (VIDEO)

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට අනුමැතිය නෑ කිවුවට ලැබුනේ මෙහෙමයි. - ස්ථිරයි. - රු. 55,000ක් සමඟ මාසික ජීවන වියදම් දිමනාව රු 25,000ක්.

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට අනුමැතිය නෑ කිවුවට ලැබුනේ මෙහෙමයි. - ස්ථිරයි. - රු. 55,000ක් සමඟ මාසික ජීවන වියදම් දිමනාව රු 25,000ක්.


යම් අපේක්ෂකයෙකුට අවශ්‍ය නම් අවසන් මුරපොළේ සිට ගණන් කිරීමේ ශාලා පරිශ්‍රය දක්වා මග දෙපස, අවසර ලබා දී ඇති ස්වකීය ගණන් කිරීමේ නියෝජිතයන් රඳවා තැබිය හැකි අතර ඒ පිළිබඳව පොලිස් නිලධාරීන්ද දැනුවත් කර ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.


Gallery