මගීන්, පිරිසකට විශේෂ දැනුම් දීමක්..
දුම්රිය නියාමකවරුන් පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනයවීම සහ ආශ්රීතයින්වීම හේතුවෙන් දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි කාර්යාලය නිවේදනය කරයි. මේ හේතුවෙන් කොළඹ කොට්ඨාසයේ ධාවනය වන දුම්රියන් සඳහා නියාමකවරුන් යෙදවීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව සඳහන් වෙයි. ප්‍රධාන මාර්ගයේ දුම්රිය 6ක්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 2ක්, පුත්තලම මාර්ගයේ දුම්රිය 3ක්, කැලණිය මාර්ගයේ දුම්රිය 2ක්, උතුරු මාර්ගයේ කුරුණෑගල දක්වා ධායනය වන දුම්රිය ඇතුළු දුම්රිය 14ක් අද (31) දින අවලංගු කර ඇත.
වළක්වාගත නොහැකි තත්ත්වයක් හේතුවෙන් මෙම දුම්රිය අවලංගු කිරීමට සිදු වී ඇති බවත් මහජනතාවට සිදුවන අපහසුතාව අවම කිරීමට කටයුතු කරන බවත් එම නිවේදනයේ සඳහන් වේ.
මරදාන නියාමකවරුන් 5 දෙනෙකුට කොවිඩ් ආසාදනයවීම සහ 17 දෙනෙකු කොවිඩ් ආශ්රීතයින්වීම, මාතර නියාමකවරු 3ක්, හලාවත නියාමකවරුන් 3ක්, පොල්ගහවෙල නියාමකවරු 2ක්, මහව නියාමකවරු 1ක්, නුවර නියාමකවරු 7ක්, නාවලපිටිය නියාමකවරු 5ක්, අනුරාධපුර නියාමකවරු 1ක්, මඩකළපුව නියාමකවරු 1ක් සහ අලුත්ගම නියාමකවරු 3ක් වශයෙන් ආසාදිතයින් වාර්තා වී තිබේ.
එම නිසා ඔවුන් අසනීප නිවාඩු වාර්තා කර ඇති බැවින් මෙලෙස දුම්රිය වාර අවලංගු කිරීමට සිදුව ඇති බවදුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |