ගෑස් සමාගම් වෙත රජයෙන් විශේෂ නිවේදනයක්..!

By Sewvandhi Dec 03, 2021 03:31 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගෘහස්ථ ගෑස් බෙදාහැරීම සහ අලෙවිය අත්හිටුවීමට නියෝග කළේ එල්.පී. ගෑස් හඳුනාගැනීමේ ගන්ධයක් ඇති කරන රසායනිකය ප්‍රමාණවත් ලෙස නොතිබීම නිසා බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

ඔහු කියා සිටියේ එතිල් මර්කැප්ටන් නැමති එම රසායනිකය ඒකක 14 ක් ගෑස් සිලින්ඩරයක අඩංගු විය යුතු වුවත් දැනට පවතින්නේ ඒකක පහක් පමණක් බවයි.

පසුගිය දිනවල ගෑස් ආශ්‍රිත සිදුවීම් රැසක් දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තාවුණා. එහිදී පාරිභෝගිකයන්ගෙන් එල්ලවූ චෝදනාවක් වූයේ ගෑස් කාන්දු වන බව හඳුනාගැනීමේ ගන්ධයක් එයින් නිකුත් නොවූ බවයි.

දිවයින පුරා ගෑස් බෙදාහැරීම සහ අලෙවිය අත්හිටුවන බව ලිට්රෝ ගෑස් සමාගම ප්‍රකාශ කළා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW