අදත් විශේෂ ප්‍රවාහන සේවා ගැන දැනුම්දීමක්..

Businessman Srilanka Bus
By Aruna Apr 17, 2024 03:55 AM GMT
Aruna

Aruna

Report

අලුත් අවුරුද්ද වෙනුවෙන් සැළසුම් කළ විශේෂ ප්‍රවාහන සේවා අදත් ආරම්භ කර තිබෙනවා.

අද දිනයේ නියමිත පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුවන බවයි, දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

නිවාඩු ලබාගිය සේවකයින් යළි සේවයට වාර්තා නොකිරීම නිසා ඊයේ දුම්රිය ගමන් වාර 12ක් පමණ අවලංගු කිරීමට කර තිබුණා.

කෙසේවෙතත් ගම්බිම් බලා ගිය ජනතාවට බාධාවකින් තොරව යළි කොළඹ පැමිණීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය මගින් යොදවා ඇති විශේෂ බස් රථ සේවා අදත් ක්‍රියාත්මක කර ඇත.

එහි සභාපති ලලිත් ද අල්විස් ප්‍රකාශ කළේ, එමෙන්ම අධිවේගී මාර්ගවල ද අතිරේක බස් රථ ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

මේ අතර, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ, අද සිට පෞද්ගලික බස් ධාවනය සියයට 75 කින් ඉහළ නංවන බවයි.