ස්පා එකට ආපු සුන්දර තරුණියකගේ අනුවේදනීය කතාවක්..දෙවන දවසෙදි මාට්ටු වෙයි..

Sri Lanka
By Aruna Nov 09, 2022 02:12 AM GMT
Aruna

Aruna

Report

සංගීතය හදාරන තම පාසල් යන දරුවාට වයලීනයක් මිලදී ගැනීමට මුදල් සොයා ගැනීම සඳහා සම්භාහන මධ්‍යස්ථානයකට පැමිණි තරුණ මවකගේ අනුවේදනීය කතාවක් දියවන්නාවට නුදුරු පොලිස් ස්ථානයකින් අසන්නට ලැබිණි.

එම පොලිස් බල ප්‍රදේශයේ නීතිවිරෝධී සම්භාහන මධ්‍යස්ථාන වැටලූ පොලිස් කණ්ඩායමකට මෙම මව හමු වී ඇත.

එම පොලිස් බල ප්‍රදේශයේ නීතිවිරෝධී සම්භාහන මධ්‍යස්ථාන වැටලූ පොලිස් කණ්ඩායමකට මෙම මව හමු වී ඇත.

වැටලීමෙන් පසු පොලිසියට රැගෙන ආ තරුණියන් ඇතුළු පිරිස ඇප ලබාදීම සඳහා පොලිස් ස්ථානාධිපතිවරයා හමුවට ඉදිරිපත් කෙරිණි.

එහිදී පොලිස් ස්ථානාධිපතිවරයා මෙම පිරිසට අවවාද කර ඇප ලබාදීමට නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

වැටලීම කළ නිලධාරීන් සමග ඇප ලබාගන්නට පැමිණි එක් කතක් තම කණ්ඩායම සමග පිටව යන්නට පෙර නැවත පොලිස් ස්ථානාධිපතිවරයා හමුවන්නට පැමිණියාය.

සර් මම කැමැත්තෙන් මේ රස්සාවට ආවා නෙවෙයි. මගේ ළමයාට වයලීන් එකක් අරන් දෙන්න කියලා හැමදාම අඬනවා.

ළමයාට සංගීතය ඉගෙන ගන්න තියෙන ආශාවට එයා වයලීන් එක ඉල්ලනවා.

ඒක අරන් දෙන් සල්ලි නැති නිසා තමයි මම ස්පා එකේ වැඩට ආවේ. මම ඊයේ තමයි මුලින්ම රස්සාවට ආවේ සර්. පහුවදාම මාව අහුවුණා.

මම ළමයාගේ වැඩේට සල්ලි හොයාගෙන යන්න යනවා’’ යැයි ඇය හැඬූ කඳුලින් පවසා නික්ම ගියාය.

මෙවැනි මානුෂීය හේතුන් මත මුදල් සොයාගත නොහැකිව ස්පා රස්සාව සොයාගෙන ආ තරුණියන් නිරන්තරයෙන් හමුවන බව එම් අනුවේදනීය කතාව අපට හෙළිකළ පොලිස් ස්ථානාධිපතිවරයා පැවැසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now