දක්ෂිණ අධිවේගයේ ගමන් කරන අයට සතුටුදායක ආරංචියක්..

By Aruna Oct 12, 2024 03:16 AM GMT
Report

කළුතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව අඩුවීමත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව අද (12) උදෑසන 7.00ට නැවත ගමනාගමන කටයුතු සඳහා විවෘත කර තිබෙන බව වාර්තා වනවා.

ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාවත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ඊයේ උදෑසන ජලයෙන් යට වූ අතර, ඒ හේතුවෙන් එම ස්ථානය තාවකාලිකව වසා දැමීමට සිදු වුණා.

හදිසි ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට දැනුම්දීමක්..මේ ප්‍රදේශ වල ජනතාව අවධානයෙන් ඉන්න.

හදිසි ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට දැනුම්දීමක්..මේ ප්‍රදේශ වල ජනතාව අවධානයෙන් ඉන්න.


කෙසේවෙතත්, පවතින අධික වර්ෂාව හේතුවෙන් කැළණි ගඟ පිටාර ගැලීම නිසා ඇතිවී ඇති ගංවතුර තත්ත්වය මත කඩවත දෙසින් අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙන වාහන කඩුවෙලින් පිටවීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බව පොලිසිය සඳහන් කර සිටිනවා.

ඒ අනුව, කඩුවෙලින් කඩවත දෙසට පිවිසෙන බර වාහන සඳහා පමණක් අවසර ලබාදී ඇති අතර සැහැල්ලු වාහන සඳහා අවසර ලබාදී නොමැති බවයි පැවසෙන්නේ.