දකුණු අධිවේගයේ බිහිසුණු මාරක අනතුර.. දෙදෙනෙක් මරුට..

Accident Southern highway accident
By Aruna Dec 22, 2021 04:05 AM GMT
Aruna

Aruna

Report

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව සහ පාලටුව අතර අද(22)දින අලුයම සිදුවූ මාරක රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

මත්තල දෙසට ධාවනය වෙමින් තිබූ ට්‍රක් රථයක් අපරීක්ෂාකාරි ලෙස නවත්වා තිබී ඇති අතර, පිටුපසින් පැමිණි බවුසරයක් එහි ගැටී ඇති බව සඳහන්.

මෙම අනතුරෙන් ට්‍රක් රථයේ ගමන් ගත් 72 හැවිරිදි එහි සහායකයා සහ 61 හැවිරිදි ගෝනවල ප්‍රදේශයේ පදිංචි බවුසර් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව ප්‍රකාශ කළේ.

බවුසරයේ සහායකයා බරපතල තත්ත්වයෙන් මාතර රෝහලට ඇතුළත් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now