දකුණු කොරියානු ගුවන් අනතුරින් මියගිය පිරිස ඉහළට (UPDATE)..ජිවිත බේරා ගත අයෙක් ඇත්දැයි අපේක්ෂා තබාගත නොහැකි ..

By Piyumika Dec 29, 2024 07:07 AM GMT
Report

UPDATE

දකුණු කොරියාවේ Muan ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී කඩා වැටීමෙන් එහි සිටි මගීන් 179 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව  ඇති බව වාර්තාවේ .

මෙම ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 181 දෙනෙකු සිට ඇති අතර  දකුණු කොරියානු බලධාරීන්ට අනුව, දිවි ගලවා ගත් දෙදෙනෙකු - එක් කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු සහ එක් මගියෙකු - අඛණ්ඩ ගලවා ගැනීමේ මෙහෙයුමකදී බේරා ගැනීමට හැකි වූ බව පැවසේ.

------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

දකුණු කොරියාවේ දී සිදු වූ ගුවන් අනතුරින් අනතුරෙන් මළ සිරුරු 124 ක් සොයාගෙන ඇති බව එරට ජාතික ගිනි නිවන ඒජන්සිය පවසනවා.

එලෙස සොයාගත් මළ සිරුරුවලින් 54ක් පිරිමි පුද්ගලයින්වන අතර, කාන්තාවන 57ක් ඒ අතර වනවා.

එමෙන්ම සිරුරු 13ක් ලිංගභේදය හඳුනාගැනීමට නොහැකි ලෙස හානි වී ඇති බවයි දකුණු කොරියා ජාතික ගිනි නිවන ඒජන්සිය පැවසුවේ.

යානයේ ගමන්ගත් ඉතිරි පිරිස සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක නමුත්, දකුණු කොරියානු බලධාරීන් දැනටමත් පවසා ඇත්තේ, ඔවුන්ගේ ජීවිත සම්බන්ධව වැඩි අපේක්ෂා තබාගත නොහැකි බවය.

ජේජු ගුවන් සේවාවට අයත් බෝයිං 737 - 800 වර්ගයේ මගී ප්‍රවාහන ගුවන්යානය, තායිලන්තයේ බැංකොක් නුවර සිට දකුණු කොරියාවේ මුආන් ගුවන්තොටුපොළ බලා ගමන් ආරම්භ කර තිබුණේ අද අලුයම් කාලයේදීය.

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ හෙළිදරව්වක්

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ හෙළිදරව්වක්

යානයේ සිටි පුද්ගලයින් 181 දෙනාගෙන් 175 දෙනෙක් මගීන් වූ අතර, ඉතිරි 6 දෙනා කාර්ය මණ්ඩල සාමාජිකයින්ය. යානය මුආන් ගුවන්තොටුපොළට ගොඩබස්වමින් සිටියදී එහි වේගය පාලනය කරගැනීමට නොහැකිව ධාවන පථය ඔස්සේ ඇදීගොස් එහි තාප්පයක ගැටී අනතුරට ලක්වුණි.

අනතුරත් සමඟ යානය පුපුරා ගිනිගැනීමට ලක්ව මුළුමනින්ම විනාශ වී තිබුණි. මේ සමඟම ඒ ආසන්නයට පැමිණි ගිනිනිවන අංශ කඩිනමින් ගින්න නිවාදැමීමට උත්සාහ කර තිබුණි.

ඒ වෙනුවෙන් යොදවා තිබූ ගිනි නිවන රථ ගණන 32කි. දකුණු කොරියානු මාධ්‍යවලට අනුව යානයේ සිටි මගීන් 175 දෙනාගෙන් 173 දෙනෙකුම දකුණු කොරියානුවන් වන අතර, ඉතිරි දෙදෙනා තායිලන්ත ජාතිකයින්ය.

කෙසේ නමුත් දැවැන්ත මෙහෙයුමක් සිදුකිරීමෙන් අනතුරුවත් මුදාගෙන තිබුණේ යානයේ සිටි පිරිසෙන් දෙදෙනෙක් පමණි. ඔවුන් දෙදෙනාම කාර්ය මණ්ඩල සාමාජිකයෙක් බවට වාර්තා වෙයි.

යානය අනතුරට පත්වූ නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණ කර නැතත්, ගොඩබැස්වීමට පෙර එහි ගොඩබැස්වීමේ පද්ධතියට යම් හානියක් සිදුව ඇති බවට බලධාරීන් සැකපළකරයි. කුරුල්ලන් යානයේ ගැටීම ඊට හේතුවන්නට ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

අනතුර සම්බන්ද වීඩියෝ පහත පුවතෙන්...

පුද්ගලයින් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් ගොඩබෑමේදී බිහිසුණු අනතුරකට /UPDATE..(VIDEO)

පුද්ගලයින් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් ගොඩබෑමේදී බිහිසුණු අනතුරකට /UPDATE..(VIDEO)

You may like this video