අවුරුදු දෙකක් වයසැති දරුවෙකුට ජිවිතාන්තය දක්වා සිර දඬුවම්..
උතුරු කොරියාවේ වයස අවුරුදු දෙකක දරුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බයිබලය යොදා ගනිමින් ආගමික වතාවත් සිදු කළ දෙමාපියන් අල්ලා ගැනීමෙන් පසු එම දරුවා ද මෙලෙස සිරගත කර ඇති බව යි.
බයිබලය යොදා ගනිමින් ආගමික කටයුතු සිදු කරන උතුරු කොරියාවේ කිතුනුවන්ට මරණ දණ්ඩනය නියම වන අතර දරුවන් ඇතුළු ඔවුන්ගේ පවුල්වලට ද ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරෙන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවක් සඳහන් කර තිබෙනවා.
මේ අතර පසුගිය 2022 වසර සඳහා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ නිකුත් වාර්තාවක දැක්වෙන්නේ උතුරු කොරියාවේ කිතුනුවන් 70,000 ක් පමණ සිරගතව සිටින බවත් කඳවුරුවල සිරකර සිටින කිතුනුවන්ට දරුණු තත්ත්වයන් සහ විවිධ ආකාරයේ ශාරීරික හිංසනයන්ට ලක්වන බවත් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |