අද තරඟයට සිදු වූ දේ - අවාසනාවන්ත ලෙස අවසන් වේ.
අද දින පැවති දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු දෙවන එක්දින තරගය මීට සුළු වේලාවකට පෙර අවසන් වුණා.
ඒ අනුව වන එක්දින තරගය දකුණු අප්‍රිකාව ජය ගනු ලැබුවා.
කඩුලු 6ක් දැවී 286 ක් රැස් කළ දකුණු අප්‍රිකා කණ්ඩායමේ ඉනිම අවසන් වීමෙන් පසු ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියල්ල දැවී ලබා ගැනීමට හැකි හැකිවූයේ ලකුණු 197 ක් පමණි.
දකුණු අප්‍රිකානු ඉනිමේ දී ජේ මාලන් ලකුණු 121 ක්ද රීසා හෙන්ඩ්‍රික් 51 ක් ලබා ගත්තා. දුෂ්මන්ත චමීර පන්දු 52 දී කඩුලු 2ක් දවා ගත් අතර චාමික කරුණාරත්න පන්දු 24ක දී කඩුලු දෙකක් දවා ගනු ලැබුවා.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දීමේදී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ පත් වූයේ ලකුණු 77 ක් ලබා ගනිමින් චරිත් අසලංකයි.
ඒ අනුව මේ වන විට තරගය පවතින්නේ 1/1 ක් ලෙසයි. එක්දින තරගාවලිය ජය ගැනීමට නම් ශ්‍රී ලංකාව මීළඟ තරගය අනිවාර්යෙන්ම ජයගත යුතු වනවා.
