ලක්මාලි සමාවෙන්න! - මන්ත්‍රී ප්‍රසාද් ශිෂ්ටභාවයෙන් මඟ පෙන්වයි

By Shehan Sep 11, 2025 06:08 AM GMT
Report

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා, ඊයේ (10) පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලී හේමචන්ද්‍ර මහත්මියගෙන් සමාව ඉල්ලා ඇත.

සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ, තම ප්‍රකාශය මන්ත්‍රීනි ලක්මාලී හේමචන්ද්‍රට පුද්ගලිකව අපහාසයක් වන ලෙස බලපෑ බවට නිරීක්ෂණය කළ බවයි. ඔහු තවදුරටත් සඳහන් කර ඇත්තේ, තම දේශපාලන කටයුතු සදාචාරාත්මක හා ප්‍රතිපත්තිමය තීන්දු මත පදනම් වන බවත්, විරුද්ධ මත ඇති පුද්ගලයින් සමඟ ගැටුම් ඇති කර ගන්නේ ප්‍රතිපත්තිමය කරුණු මත පමණක් බවත්, කිසිවිටෙකත් පුද්ගලික මට්ටමින් නොවන බවත් ය.

ප්‍රසාද් සිරිවර්ධන මන්ත්‍රීවරයාගේ ෆේස්බුක් සටහන

මන්ත්‍රීවරයා පැහැදිලි කර ඇත්තේ, පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුගත නොවන ප්‍රශ්නයක් ලක්මාලී හේමචන්ද්‍ර මන්ත්‍රීනිය විසින් විමසීමත්, ඔහුගේ කතාව අතරතුර මයික්‍රෆෝනය අක්‍රීය කිරීමත් හේතුවෙන් ඇති වූ ආවේගය මත මෙම ප්‍රකාශය සිදුවූ බවයි. එම ප්‍රකාශය තුළින් ලක්මාලී හේමචන්ද්‍ර මන්ත්‍රීනියට සිත් රිදවී ඇත්නම්, ඒ පිළිබඳව තමා කණගාටුවට පත්වන බවත්, තම හෘදයාංගම සමාව පිරිනමන බවත් ඔහු සඳහන් කර ඇත.

එසේම, සමගි ජන බලවේගයේ හිතවතුන්ගෙන් ඉල්ලා සිටින බව පවසමින්, මෙම ප්‍රකාශය පුද්ගලික කරුණක් ලෙස නොසලකා, ප්‍රතිපත්තිමය විවාදයක කොටසක් ලෙස සැලකීමට ඔහු ඉල්ලා ඇත. 

පනත ඉවත් කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ ගමේ ජීවිතයට

පනත ඉවත් කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ ගමේ ජීවිතයට

රටේ ආරක්ෂාවට සන්නද්ධ හමුදා කැඳවයි

රටේ ආරක්ෂාවට සන්නද්ධ හමුදා කැඳවයි

මීට පස්සේවත් පොඩි කොල්ලන්ට බස් ඵළවන්න දෙන්න එපා අපේ රියදුරන්ගෙන් වරදක් වෙන්නේ බොහොම කලාතුරකින් - ගැමුණු

මීට පස්සේවත් පොඩි කොල්ලන්ට බස් ඵළවන්න දෙන්න එපා අපේ රියදුරන්ගෙන් වරදක් වෙන්නේ බොහොම කලාතුරකින් - ගැමුණු

Gallery