දේපල ලියා දෙන්නැයි ඉල්ලා තම පියාට පහරදුන් පුතා අත්අඩංගුවට
sinhala gossip
sinhala news
srilanka news
srilanka gossip
By Gagana
දේපල ලියා දෙන්නැයි ඉල්ලා තම පියාට ඉතා අමානුෂික ලෙස පහරදී තුවාල සිදු කළ බව කියන පුතකු අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි
නිට්ටඹුව උතුරු පින්නගොල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි පියකුට අයිති දේපල තමන්ට ලියා දෙන ලෙසට තර්ජනය කරමින් පුතකු ඔහුට ඉතා අමානුෂික ලෙස පහරදී තුවාල සිදු කිරීම හේතුවෙන් ඔහු රෝහල් ගත කොට ඇති බවද පොලීසිය කීය.
මේ පිළිබඳව තුවාල ලබා සිටි පියාගේ විවාහක පුතකු අත් අඩංගුවට ගෙන වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්වීමේදී මෙයට පෙරද සැකකරු පියා සමග ගැටුම් ඇති කර ගැනීමේ චෝදනාවට අධිකරණයේ පවතින නඩුවක ඇප ලබා සිටි අයකු බව ද පොලිසිය කියයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |