වෙළඳපොලේ සීනි අර්බුදයට අද විසඳුම්....

Ranjith Siyambalapitiya Sri Lanka Ministry of Finance Sri Lanka Nalin Fernando
By Hashini Nov 20, 2023 05:28 AM GMT
Hashini

Hashini

Report

වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසන්නේ වෙළඳපොලේ මතුව ඇති සීනී අර්බුදය සඳහා අද (20) දිනයේ දී විසඳුම් ලබා දෙන බවයි.

සීනි සඳහා පසුගියදා බදු පැනවීමත් සමඟ වෙළඳපොලේ සීනී මිල ඉහළ ගිය අතර, රජය විසින් සීනී සඳහා පාලන මිලක් පනවනු ලැබුවා.

මේ වන විට වෙළඳපොල තුල සීනී හිඟයක් පවතින බව වාර්තා වන අතර පාරිභෝගිකයන් පවසන්නේ වෙළඳපොළෙහි ප්‍රමාණවත් තරම් සීනී තොග නොමැති බවයි.

වෙළඳපොලේ සීනි අර්බුදයට අද විසඳුම්.... | Solutions To The Sugar Crisis In The Market

ඇතැම් වෙළඳුන් පාලන මිල හේතුවෙන් සිනි අලෙවි කිරීමෙන් වැලකි සිටින බව ද වාර්තා වනවා.

රට තුල සීනි මෙට්‍රික් ටොන් 19,000ක් මේ වන විට පවතින බවත්, ඒ හේතුවෙන් සීනි හිඟයක් ඇති වීමට ඉඩ නොමැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කර තිබෙනවා.

වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු ඊයේ (19) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ සීනි ආනයනකරුවන් සමඟ විශේෂ සාකච්ඡාවක් අද (20) පැවැත්වෙන බවයි. 

අනිද්දා සිට සේවකයින් පිරිසක් ලෙඩවෙයි...

අනිද්දා සිට සේවකයින් පිරිසක් ලෙඩවෙයි...

............................


ReeCha