විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් ගැටලුවට අගමැතිනියගෙන් විසඳුම්

Report

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ට මතු වී ඇති ගැටලු කිහිපයක් විසඳා ගැනීමට අඳාළව සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍යතුමියගේ කාර්යාලයේ දී පවත්වා තිබෙනවා.

ඒ අනුව එහිදී වෘත්තීය සංගම් නියෝජිතයන් ඔවුන්ට මතුව තිබෙන වැටුප් අනුපාතය ප්‍රතිශතයක් වශයෙන් පහත වැටී තිබීම, එම්.සී.ඒ දීමනාව, 20% දීමනාව, අතිකාල ගණනය කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් දීර්ඝ ආකාරයට සාකච්ඡා කර ඇත.

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

මේ වන විට ක්‍රියාත්මක වැටුප් වැඩිකිරීමට සමගාමී ව අනධ්‍යයන කාර්ය මණ්ඩල වැටුප් අනුපාතය ක්‍රමික ව 20% සිට 11%ටත් දැනට 11% සිට 6.94% දක්වා අඩුවීමේ ගැටලුව කඩිනමින් විසඳිය යුතු බව එහිදී අවධාරණය කර ඇති බව සඳහන්.

ඔවුන් සඳහන් කර ඇත්තේ මීට පෙර රාජ්‍ය සේවක වැටුපට සමගාමීව ඔවුන්ගේ වැටුප ඉහළ ප්‍රතිශතයකින් වැඩි වී තිබූ බවත් අවුරුදු කිහිපයක් ඇතුළත එය ක්‍රමයෙන් අඩු පරතරයකට පත්වී තිබීම ගැටලුවක් බවත් ය.

එමෙන්ම ඔවුන් පෙන්වා දී ඇත්තේ එම්.සී.ඒ දීමනාව, 20% දීමනාව සහ අතිකාල ගණනය කිරීමේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් මීට පෙර ද දේශපාලන අධිකාරිය සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තු නියෝජිතයන් සමඟ සාකච්ඡා කර තිබුණ ද අවශ්‍ය විසඳුම් ලැබී නැති බවයි.

විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටලුවලට සුබ ආරංචියක්

විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටලුවලට සුබ ආරංචියක්

ඊට අමතරව අනධ්‍යයන සේවක හිඟය සහ නව බඳවා ගැනීම් සඳහා පියවර නොගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධාරණය කර ඇත.

කෙසේ වෙතත් සාකච්ඡාවේදී එකඟතාව පළ කර ඇත්තේනව පත්වීම් සම්බන්ධ ගැටලුව දැනටමත් විසඳී තිබෙන බවත් අනෙකුත් ගැටලු පිළිබඳ වැඩිදුරටත් අධ්‍යයනය කිරීමෙන් පසුව සියලු ම විශ්වවිද්‍යාලවල උපකුලපතිවරු සමඟ පවත්වන සාකච්ඡාවකින් පසු ස්ථිර විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවටයි.

එමෙන්ම මෙම සාකච්ඡාවට උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් ද සහභාගී විය. 

චන්ද්‍රිකා වැටිලා - උකුල් අස්ථිය බිඳිලා සැත්කමකුත් කරලා නිල නිවසෙන් ඉවත් වෙන්න සති 3ක් ඉල්ලයි

චන්ද්‍රිකා වැටිලා - උකුල් අස්ථිය බිඳිලා සැත්කමකුත් කරලා නිල නිවසෙන් ඉවත් වෙන්න සති 3ක් ඉල්ලයි