තරුණ තරුණියන් සමාජගත කිරිම සඳහා මසකට ඩොලර් 500ක දීමනාවක්..!

By Sewvandhi Apr 14, 2023 03:31 PM GMT
Report

දකුණු කොරියානු රජය විසින්, සමාජගත නොවූ තරුණයින් සමාජගත කිරීම සඳහා එක් අයෙකුට ඩොලර් 500 බැගින් මාසික දීමනාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

එනම්, වයස අවුරුදු 19ත් 39ත් තරුණ පිරිසෙන් 3.1%ක් පමණ මෙලෙස හුදකලා වී සිටින බව දකුණු කොරියානු රජය විසින් සොයාගෙන තිබෙනවා.

මූල්‍ය දුෂ්කරතා, මානසික රෝග, පවුල් ගැටළු හෝ සෞඛ්‍ය අභියෝග හේතුවෙන් දකුණු කොරියාවේ තරුණ පිරිස් සමාජයෙන් ඈත්වී ඇති බවට අනාවරණ වී තිබෙනවා. 

මෙහිදී, සමාජයෙන් අතිශයින් ඉවත්ව සිටින පුද්ගලයින්ට මෙන්ම භාරකරුවෙකු හෝ පාසල් ආරක්ෂාවක් නොමැති තරුණයින් අරමුණු කරගෙන සිදුකෙරෙන තරුණ සුබසාධන ආධාරක පනතට අනුවයි මෙලෙස මසකට වොන් 650,000ක් හෙවත් ඩොලර් 500 ක් වෙන් කරනු ලබන්නේ.

හතරදෙනෙකුගෙන් යුත් නිවසක මාසික ආදායම ඩොලර් 4,164ක් විය යුතු ලෙසට ගණනය කර ඇති ඊට අඩු ආදායම්ලාභී නිවාසවල ජීවත්වන වයස අවුරුදු 9 සිට 24 දක්වා පිරිසට ද මෙම දීමනාව හිමිවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now