සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකික සේවකයින්ට අනතුරු ඇඟවීමක්

Report

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකික සේවකයින් සමාජ මාධ්‍ය සහ විද්‍යුත් තැපැල් භාවිතා කරන විට නුහුරු ගිණුම් හෝ පණිවිඩ වලට ප්‍රතිචාර දැක්වීමෙන් වැළකිය යුතු බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය උපදෙස් ලබා දී ඇත.

සයිබර් ප්‍රහාර ඇති වීමේ අවදානමක් පවතින බැවින්, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සේවකයින් දැඩි අවධානයෙන් සිටිය යුතු බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කර ඇත.

යුද උණුසුම මැද ලෝකෙම බයෙන් ඉද්දි උතුරු කොරියාව කෲස් මිසයිලයක් අත්හදා බලයි - 13 හැවිරිදි දුවත් පියා සමඟ

යුද උණුසුම මැද ලෝකෙම බයෙන් ඉද්දි උතුරු කොරියාව කෲස් මිසයිලයක් අත්හදා බලයි - 13 හැවිරිදි දුවත් පියා සමඟ

ඊයේ රාත්‍රියේ පමණක් සයිරන් හඬ 7 වතාවක් නාද වූ අතර, ඊශ්‍රායලය වෙත මිසයිල ප්‍රහාර එල්ල වන අවස්ථාවල හමුදා සහ සන්නිවේදන පහසුකම් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීමේ ප්‍රවණතාවයක් පවතින බවද වාර්තා වේ.

එමෙන්ම සමාජ මාධ්‍ය හෝ විද්‍යුත් තැපැල් මාර්ගයෙන් නුහුරු දුරකථන අංක හෝ ගිණුම් වලින් ලැබෙන පණිවිඩ, සබැඳි හෝ ගොනු කිසිදු හේතුවක් මත විවෘත නොකළ යුතු බවද ඊශ්‍රායල ආරක්ෂක අංශ ජනතාවට අවවාද කර තිබේ.

බොහෝ අවස්ථාවල මෙවැනි පණිවිඩ සහ ගොනු සයිබර් ප්‍රහාර ක්‍රියාත්මක කිරීම සඳහා භාවිතා කරන බවද එම අංශ පෙන්වා දෙයි.

කටාර් හෙල්ලෙයි - ඉහළ මට්ටමේ ආරක්ෂක තර්ජනයක් - ජනතාවට අනතුරු නිවේදන නිකුත් වේ

කටාර් හෙල්ලෙයි - ඉහළ මට්ටමේ ආරක්ෂක තර්ජනයක් - ජනතාවට අනතුරු නිවේදන නිකුත් වේ