අත්අඩංගුවට ගත් සැකකරුගේ බැංකු කාඩ්පතින් ලක්ෂ 6 ක් ගත්තු කොස්තාපල්ට වැඩ වරදී
කොස්ගොඩදී හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ පුද්ගලයෙකුගේ බැංකු කාඩ්පතකින් රුපියල් ලක්ෂ 6කට අධික මුදලක් වංචනික ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසියේ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනුයේ ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසිනි.
පොලිසිය සඳහන් කළේ සැකකාර පොලිස් කොස්තාපල්වරයා එම මුදල් භාවිතා කර යතුරුපැදියක් හා සුපිරි වෙළෙඳසැලකින් භාණ්ඩ මිලදීගෙන ඇති බවයි .
මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණයෙන් සහ ගාල්ලා දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නාමල් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කරනු ලබයි