දවස් තුනක් ඇඳුණ මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ අභියාචනා විභාගය අවසන් - බලන් හිටපු තීන්දුව පස්සට
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තබා ඇත.
අඳාළ පෙත්සම් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග විය.
එසේම අද තුන්වැනි දිනට මෙම අභියාචනා විභාගය පැවති අතර විත්තිකාර අභියාචකයින්ගේ හා අල්ලස් කොමිසමේ නීතිඥවරියන්ගේ කරුණු ඉදිරිපත් කිරීම අවසන් කර ඇත.
පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම අභියාචනාවල තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තබා තිබෙනවා.