යුද්ධේ මැද්දේ ලාංකිකයන්ට සුබ ආරංචියක් - ජපානයේ නව රැකියා රැසක්
තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් (TITP) වශයෙන් ජපානයේ වන වගා ක්ෂේත්‍රයේ පුහුණුව ලැබීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව හිමිව ඇත.
ඒ අනුව මෙම අවස්ථාව හිමිව ඇත්තේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා IM Japan ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුවයි.
මේ අතර පළමුවරට වන වගා ක්ෂේත්‍රයේ පුහුණු අවස්ථා හිමිවූ තරුණයින් තිදෙනෙකු අද දින (11) දින ජපානය බලා පිටත්ව ගොස් ඇත.
එසේම එම පිරිසට ගුවන් ටිකට්පත් පිරිනැමීම කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාංශයේදී සිදුව තිබෙනවා.
ඊට අමතරව තවත් ක්ෂේත්‍ර 7ක පුහුණු අවස්ථා මේ වන විට ශ්‍රි ලාංකිකයින්ට හිමිවන අතර, ඉන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු අවස්ථා හිමිවූ පුහුණු ලාභීන් 6දෙනෙකුද මෙම පිරිසත් සමඟ අද දින ජපානය බලා පිටත්ව ගොස් තිබෙන බව වාර්තා වේ.
එසේම මෙම අවබෝධතා ගිවිසුම අනුව වයස අවුරුදු 18-30 අතර, තරුණ තරුණියන්ට ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් වශයෙන් පුහුණුව ලැබීමට අවස්ථාව හිමි වේ.
කෙසේ වෙතත් මේ සඳහා ජපන් භාෂා දැනුම අනිවාර්ය වන අතර, JFT හෝ JLPT N5 මට්ටම හා කුසලතා පරීක්ෂණය සමත් කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැකි බව දැනුම් දෙයි.
එමෙන්ම අයදුම් කිරීම සඳහා උසස් පෙළ විභාගයට පෙනීසිටීම අනිවාර්ය වන අතර, ශරීරයේ Tattoo නොතිබීමද අනිවාර්ය අවශ්‍යතාවයක් බව සඳහන්.
ඒ අනුව මේ වන විට කාර්යාංශය මැදිහත්වී පුහුණු ලාභීන් 659ක පිරිසක් මෙම වැඩසටහන යටතේ ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව වෙනුවෙන් යොමුකර තිබෙනවා.
ඒ අනුව නියමිත පුහුණු කාලසීමාව සාර්ථකව අවසන්කර මෙරටට පැමිණි පුහුණුලාභින්ට ව්‍යාපාර ආරම්භ කිරීමට සහාය දීමේ වැඩපිළිවෙලක්ද මෙම පුහුණු වැඩසටහන යටතේ ක්‍රියාත්මකයි.