යුද උණුසුම මැද ලෝකෙම බයෙන් ඉද්දි උතුරු කොරියාව කෲස් මිසයිලයක් අත්හදා බලයි - 13 හැවිරිදි දුවත් පියා සමඟ

Report

අමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව එක්ව පවත්වනු ලබන ඒකාබද්ධ යුද අභ්‍යාසවලට ප්‍රතිචාර ලෙස උතුරු කොරියාව ද කෲස් මිසයිලයක් අත්හදාබැලීමක් සිදුකර ඇත.

ඒ අනුව උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් සිය දියණිය ද සමඟින් යුද නෞකාවක සිට, දියත් කළ මෙම කෲස් මිසයිල අත්හදාබැලීම නිරීක්ෂණය කළ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

වාර්තා වන ආකාරයට 'චෝ හ්යොන්' Choe Hyon නැමති, නාවික විනාශක නෞකාවේ සිට මෙම මිසයිල දියත් කර තිබෙනවා.

එමෙන්ම කිම් ජොන්ග් උන් සහ ඔහුගේ දියණිය පාලන මැදිරියක සිට තිරයක් හරහා එම දර්ශන නිරීක්ෂණය කරන අයුරු දැක්වෙන ඡායාරූප උතුරු කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය (KCNA) මඟින් ප්‍රසිද්ධ කර තිබෙනවා.

ලොවම බලා සිටි තීරණාත්මකම මොහොත එළඹෙ‍යි - රටවල් ගණනාවක් එකතුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගන්න යන තීරණය

ලොවම බලා සිටි තීරණාත්මකම මොහොත එළඹෙ‍යි - රටවල් ගණනාවක් එකතුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගන්න යන තීරණය

කෙසේ වෙතත් මෙහි විශේෂත්වය වන්නේ කිම් ජොන්ග් උන්ගේ 13 හැවිරිදි වියේ පසුවන කිම් ජූ ඒ Kim Ju Ae නැමති දියණිය මෙම අවස්ථාවට සහභාගී වීමයි.

ඉකුත් 2022 වසරේ අගභාගයේ සිට ඇය සිය පියා සමඟ ප්‍රමුඛ පෙළේ හමුදා පෙළපාලි සහ ආයුධ අත්හදා බැලීම් සඳහා නිරන්තරයෙන් සහභාගී වන බව වාර්තා වේ.

ඒ අනුව දකුණු කොරියානු බුද්ධි අංශ සඳහන් කරන්නේ කිම් ජොන්ග් උන් සිය දියණිය තම අනුප්‍රාප්තිකයා වශයෙන් පත් කිරීමට සූදානම් වන බව‍යි.

එසේම ඉකුත් සඳුදා ආරම්භ වූ දින 11 ක Freedom Shield නමින් හැඳින්වෙන අමෙරිකා - දකුණු කොරියානු යුද අභ්‍යාසය උතුරු කොරියාව දකින්නේ තමන්ගේ රට ආක්‍රමණය කිරීමට කෙරෙන පෙර පුහුණුවක් වශයෙන්.

යුද උණුසුම මැද ජාත්‍යන්තර‍යේ දැඩි අවධානය ලංකාවට - පැය 24ම ආරුගම් බොක්ක ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්

යුද උණුසුම මැද ජාත්‍යන්තර‍යේ දැඩි අවධානය ලංකාවට - පැය 24ම ආරුගම් බොක්ක ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්

මේ පිළිබඳව අදහස් දක්වමින් කිම් ජොන්ග් උන්ගේ සහෝදරිය වන කිම් යෝ ජොන්ග් පැවසුවේ මෙම අභ්‍යාස හරහා අමෙරිකාව සහ දකුණු කොරියාව උතුරු කොරියාව කෙරෙහි දක්වන දැඩි වෛරය යළිත් හෙළි වන බවයි.

එසේම විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ සතුරන් මර්දනය කිරීම සඳහා තමන් සතු න්‍යෂ්ටික බලය ශක්තිමත්ව පවත්වා ගැනීමේ අවශ්‍යතාවය ද කිම් ජොන්ග් උන් මෙහිදී අවධාරණය කර ඇති බවයි.  

තත්ත්වය නරකයි - බුද්ධි තොරතුරු අනුව ප්‍රහාරය - ඉරාන නෞකා 16ක් විනාශයි

තත්ත්වය නරකයි - බුද්ධි තොරතුරු අනුව ප්‍රහාරය - ඉරාන නෞකා 16ක් විනාශයි

බුත්තල පාසලක් කැළඹෙයි - පාසල් සිසුවෙකු හදිසියෙම ජීවිතක්ෂයට

බුත්තල පාසලක් කැළඹෙයි - පාසල් සිසුවෙකු හදිසියෙම ජීවිතක්ෂයට