ඉහළ ගිය නීති විද්‍යාල ප්‍රවේශ ගාස්තු.
Parliament of Sri Lanka
Dr Wijeyadasa Rajapakshe
Sajith Premadasa
Sri Lanka Politician
Sri Lanka
By krishani
මේ වන විට නීති විද්‍යාල ප්‍රවේශ ගාස්තුව රුපියල් 15000 දක්වා ද, විභාග ගාස්තු රුපියල් 1200 ක් දක්වා ද වැඩි කර ඇත.
ඒ සම්බන්ධයෙන් අද (21) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ ය.
එමෙන්ම උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමටත් පෙර නීති විද්‍යාලයට අයදුම්පත් කැඳවා තිබීම සම්බන්ධයෙන් ද ඒ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
එයට පිළිතුරු ලබාදුන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සඳහන් කළේ නව ගැසට් පත්‍රයේ රෙගුලාසි අනුව ගාස්තු වැඩි කිරීම සිදුකර ඇති බවත් නීති අධ්‍යයන කවුන්සිලය සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කර මෙම ගාස්තු වැඩි කිරීම සිදු කළ බවත් ය.
එමෙන්ම සිසු සිසුවියන් 5000 කට පමණ අධ්‍යාපන කටයුතු ඇතුළු අනිකුත් පහසුකම් නීති විද්‍යාලය විසින් ලබා දෙන අතර නීති විද්‍යාලයට රජයෙන් කිසිම මුදලක් ලබා නොදෙන බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ය.
