දරුවන් නොමැතිව තැවෙන දෙමව්පියන්ට රජයෙන් සුබ පණිවිඩයක්

Government Of Sri Lanka Pregnancy Hospitals in Sri Lanka Latest Headlines Sinhala news
By Shehan Aug 02, 2025 12:55 AM GMT
Shehan

Shehan

Report

දරුවන් නොමැතිව දුක් විඳින මව්වරුන්ට සහනයක් ලබාදීමේ අරමුණින් රජය විසින් හඳුන්වා දුන් නව වැඩපිළිවෙළක් යටතේ, ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ පළමු නල දරු (IVF) ප්‍රසූතිය ඉකුත් 31 වැනිදා රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේදී සාර්ථකව සිදු කෙරිණි.

මෙම ඉතිහාසගත සිදුවීම පසුගියදා අනාවරණය වූ රජයේ නල දරු උපත් වැඩපිළිවෙළේ පළමු ඵලය ලෙස සැලකේ.

මෙම සැත්කම සිදුකරනු ලැබුවේ කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රසව හා නාරිවේද අධ්‍යයනාංශයේ ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රසික හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසිනි.

අද ලග්න පලාපල – 2025 අගෝස්තු 02 | ලග්න කිහිපයක් විමසිලිමත් නොවුනොත් දැඩි හානි

අද ලග්න පලාපල – 2025 අගෝස්තු 02 | ලග්න කිහිපයක් විමසිලිමත් නොවුනොත් දැඩි හානි

පසුගිය වසරේදී සිදුකළ සාර්ථක ගැබ් ගැන්වීමක ප්‍රතිඵලයක් ලෙස, 31 හැවිරිදි මවකට සිසේරියන් සැත්කමක් මගින් මෙම දරු ප්‍රසූතිය සිදු කෙරිණි. වාර්තාවන අන්දමට, මව සහ දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව රෝහල් බලධාරීන් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ මධ්‍යස්ථානයක නල දරු තාක්ෂණය (In-Vitro Fertilization - IVF) භාවිතයෙන් සිදුකළ ගැබ් ගැන්වීමකින් පසු රජයේ රෝහලක සිදුවූ පළමු දරු ප්‍රසූතිය මෙය වීම මෙහි විශේෂත්වයයි.

Online වැඩ කරද්දී පරිස්සමෙන් ඔන්න ඉන්දියාවෙන් කෝටි 23ක් උස්සලා

Online වැඩ කරද්දී පරිස්සමෙන් ඔන්න ඉන්දියාවෙන් කෝටි 23ක් උස්සලා

මෙතෙක් පෞද්ගලික අංශයේ ඉහළ වියදම් යටතේ සීමා වී තිබූ නල දරු උපත් තාක්ෂණය, දරුවන් නොමැතිව දුක් විඳින මව්වරුන්ට සහනයක් ලබාදීමේ අරමුණින් රජයේ සෞඛ්‍ය සේවය තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

මෙම වැඩපිළිවෙළ යටතේ, ඉදිරියේදී තවත් බොහෝ මව්වරුන්ට මෙවැනි අවස්ථා ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වන අතර, මෙය රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තියේ සුවිශේෂී පියවරක් ලෙස සැලකේ. මෙම සාර්ථකත්වය ශ්‍රී ලංකාවේ රාජ්‍ය සෞඛ්‍ය සේවයේ තාක්ෂණික හැකියාවන් හා කැපවීම පිළිබිඹු කරන අතර, දරුවන් නොමැතිව දුක් විඳින බොහෝ පවුල්වලට බලාපොරොත්තුවක් ලබා දෙන ඓතිහාසික සන්ධිස්ථානයකි. 

ඔක්තෝබර් 1 සිට විදේශීය ඩිජිටල් සේවාවන්ට 18% බද්දක් අනිවර්යයි

ඔක්තෝබර් 1 සිට විදේශීය ඩිජිටල් සේවාවන්ට 18% බද්දක් අනිවර්යයි

ReeCha