නගර රැසකට හිම පතනය - විදුලි සැපයීම යථාවත් කරන්නත් සේවකයින් දහසක් පමණ..
මේ වන විට ශීත සෘතුවත් සමඟ ප්‍රංශයේ හිම පතනය වීම ආරම්භ වී ඇත.
ඒ හේතුවෙන් ප්‍රංශයේ දකුණු සහ නැගෙනහිර ප්‍රදේශ ඇතුළු ප්‍රදේශ රැසකට තැඹිලි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ශීත සෘතුව සැලකෙන්නේ වසරේ ශීතලම සහ අඳුරුතම සමය ලෙස ය.
එමෙන්ම, මේ වන විටත් ලොව උතුරු අර්ධගෝලයේ රටවල් රැසක හිම පතනය ආරම්භ වී තිබෙනවා.
ඒ අනුව ප්‍රංශයෙන් ද මේ වනවිට වාර්තා වන්නේ හිම පතනය සහිත අධික ශිත කාලගුණයක් වේ.
හිම පතනය හේතුවෙන් ප්‍රංශයේ වීථි සහ පදික වේදිකා හිමෙන් වැසී ගොස් තිබෙනවා.
එයින් පැරිස් අගනුවර ඇතුළු නගර රැසක ගමනාගමනයට බාධා එල්ල වී ඇත.
එමෙන්ම, ශීතාධික කාලගුණය හමුවේ බටහිර දිග ප්‍රංශයේ නිවාස ලක්ෂය ඉක්මවූ ප්‍රමාණයකට විදුලි ඇණහීටීමටක ද මුහුණදීමට සිදුව තිබෙනවා.
විදුලි සැපයීම යථාවත් කිරීමට සේවකයින් දහසක් පමණ යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එමෙන්ම, ප්‍රංශ කාලගුණ අංශ පුරෝකතනය කරන්නේ හිම පතනය ඉදිරියේ දී තවත් තීව්‍ර විය හැකි බව ය.
කෙසේ වෙතත්, ඒ අනුව දැනටමත් උතුරු බ්‍රිට්නි සහ නෝමැන්ඩි ප්‍රදේශවලට මෙන්ම ප්‍රංශයේ දකුණු සහ නැගෙනහිර පෙදෙස්වලට තැඹිලි අනතුරු අඟවීම් නිකුත් කර තිබෙනවා.