මේ අයගේ ගිණුම් අද සිට අවලංගුයි - නව නීතියක්
ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ නව නීති ක්‍රියාත්මක වීම යටතේ, ‘ස්නැප්චැට්’ ගිණුම් 415,000ක් අවහිර කිරීමට රජය පියවර ගෙන ඇත.
පසුගිය වසරේ ඔස්ට්‍රේලියාව නව නීති සම්පාදනය කරමින්, වයස අවුරුදු 16ට අඩු බාල වයස්කාර දරුවන් සමාජ මාධ්‍ය භාවිතයෙන් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම තහනම පැනවූ අතර, ඒ අනුව ‘ස්නැප්චැට්’, ‘මෙටා’, ‘ටික්ටොක්’ සහ ‘යූ ටියුබ්’ වැනි ප්‍රධාන සමාජ මාධ්‍ය වේදිකාවන්ට එරෙහිව අවහිර කිරීම් සිදු කරන ලදී.
මෙම පියවර ඔස්ට්‍රේලියානු රජයේ සමාජ මාධ්‍ය ආරක්ෂණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ යථාර්ථයක් වන අතර, වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ ආරක්ෂාව වැඩි දියුණු කිරීමේ අරමුණ සපුරාලන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.