‘විගණකාධිපති ධූරයට හිතවතෙකු පත් කරන්න හදන්නේ රේගු වංචා යට ගහන්නද?’ - පොහට්ටුවෙන් චෝදනා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසන්නේ, ජනාධිපතිවරයා ජනතාවට දුන් පොරොන්දු එලෙසම ඉටු කරන බවක් පෙනෙන්නට නොමැති බවයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ, පක්ෂ කාර්යාලයේදී ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී ඒ මහතා පෙන්වා දුන්නේ, මෙරට විගණකාධිපති තනතුර 2025 අප්‍රේල් 08 වැනිදා සිට හිස්ව තිබෙන බවත්, එයට තවමත් සුදුසු පුද්ගලයෙකු පත් කිරීමට රජය පියවර නොගෙන සිටින බවත්ය.
“ශ්‍රී ලංකාවේ විගණකාධිපතිවරයෙකුට සුදුසු පුද්ගලයෙකු නැති නිසා නොවේ. විගණකාධිපති දෙපාර්තමේන්තුවේම සුදුසු නිලධාරීන් සිටිනවා. නමුත් මෙහි ඇති ප්‍රධාන ප්රශ්නය වන්නේ, මෙතෙක් රජයක් සිදු කළ විශාලතම වංචාව ලෙස සැලකෙන වරායේ කන්ටේනර් 323ක් නීති විරෝධී ලෙස නිදහස් කිරීමයි.
මේ විගණකාධිපති පත්කිරීම පිටුපස යම් සම්බන්ධයක් තිබේදැයි සැකයක් මතුව තිබෙනවා. රටේ ජනතාවට දුන් පොරොන්දු මෙලෙස ඉටු කරනවාද යන්න පිළිබඳව ජනතාව අතර ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා”