දිස්ත්‍රික්ක 5කට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13කට - නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන

Report

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක පහකට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13කට අදියර එක සහ දෙක යටතේ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

ඒ, හෙට (05) පස්වරු 04.00 දක්වා වලංගු වන පරිදිය. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ සහ උඩුදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ කෝරලේ, මාතලේ සහ රත්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර දෙක යටතේ අවදානයෙන් සිටින ලෙසට අනතුරු අඟවා ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අදියර එක යටතේ විමසිල්ලෙන් සිටින ලෙසට අනතුරු අඟවා ඇත්තේ, මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, බුලත්කොහුපිටිය, රඹුක්කන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, වැලිගේපොළ, අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්ය.