විලි ලැජ්ජයි සජබේ මන්ත්‍රීනියක් කන්න දුන්න බත් එකේ නමත් එක්ක පට්ටමේ සීල් එකත් තියලා [VIDEO]
සමගි ජන බලවේගය (SJB) පක්ෂය නියෝජනය කරන, ගම්පහ දිස්ත්‍රික් නගර සභාවකට අදාළ මන්ත්‍රීවරියක් සම්බන්ධ සිදුවීමක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා දැඩි අවධානයකට ලක් වී ඇත. ඒ අනුව අඳාළ සිදුවීම වාර්තා වන්නේ ආපදාවකින් විපතට පත් වූ ජනතාව අතර ආහාර බෙදා දීමේ අවස්ථාවකදීයි.
එම අවස්ථාවේදී බෙදා දුන් බත් පාර්සලවල මන්ත්‍රීවරියගේ නම, දරන තනතුර මෙන්ම ඇයගේ පෞද්ගලික ජංගම දුරකථන අංකය ද මුද්‍රණය කර තිබූ බවට චෝදනා කරයි. එසේම අඳාළ තොරතුරු පැහැදිලිව දැක්වෙන බත් පාර්සල් කිහිපයක ඡායාරූප මාලාවක් ද මේ වන විට අන්තර්ජාලය පුරා සංසරණය වෙමින් පවතියි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්ගෙන් කළ විමසීමකදී, ඔවුන් තහවුරු කර ඇත්තේ අඳාළ නාගරික මන්ත්‍රීවරිය විසින් ඇගේ නම, මන්ත්‍රී තනතුර සහ ජංගම දුරකථන අංකය ද ඇතුළත් කර බත් පාර්සල් බෙදා දීමක් සිදු ව ඇති බවයි.
එසේම මේ වන විට ඇය හා දුරකථනයෙන් කළ සංවාදයක් හඬ පටයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ. අඳාළ හඬපටය පහතින්,
[https://web.facebook.com/reel/2078948666279172