හිටපු නායක ෂකිබ්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Report

ජාත්‍යන්තර ටෙස්ට් හා විස්සයි20 ක්‍රිකට් පිටියට සමුදුන් බංග්ලාදේශ හිටපු නායක ෂකිබ් අල් හසන් සිය තීරණය වෙනස්කර ඇත.

ඒ අනුව මේ වනවිට වසරකට වැඩි කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාකර නොමැති ඔහු, බංග්ලාදේශය නියෝජනය කරමින් ආකෘති තුනම ක්‍රීඩා කිරීමට කැමති බව 'Beard Before Wicket' නම් යූටියුබ් නාලිකාව හා එක්ව සඳහන් කර තිබෙනවා.

"මම නිල වශයෙන් සියලුම ආකෘතිවලින් විශ්‍රාම ගිහින් නෑ. මම ඒ බව හෙළිකරන පළමු අවස්ථාව මේ. මගේ බලාපොරොත්තුව බංග්ලාදේශයට ආපසු ගිහින් එක්දින, ටෙස්ට් සහ විස්සයි20 සම්පූර්ණ තරගාවලියක් ක්‍රීඩා කර විශ්‍රාම ගැනීමට" ෂකිබ් එහිදී කියා ඇත."මට සියලුම ආකෘතිවලින් මගේ රටේදී විශ්‍රාම ගැනීමට අවශ්‍යයි. ඒ නිසා මට සම්පූර්ණ තරගාවලියක් ක්‍රීඩාකර විශ්‍රාම යාමට අවශ්‍යයි".

සුඛෝපභෝගී යාන වාහන සඳහා හිත යොමු වෙන අද දවස මේ ලග්නවලට ඉතා සුබයි

සුඛෝපභෝගී යාන වාහන සඳහා හිත යොමු වෙන අද දවස මේ ලග්නවලට ඉතා සුබයි

අවාමි ලීග් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන ෂකීබ්, එම රජය බලයෙන් පහ කිරීමෙන් අනතුරුව 2024 මැයි මාසයේ සිට බංග්ලාදේශයට ආපසු පැමිණ නැති බව වාර්තා වේ.

එමෙන්ම ඒ වනවිට ඔහු බංග්ලාදේශයට නොපැමිණියද, මිනීමැරුම් චෝදනාවකට ඔහු නම් කර තිබුණා. ඉන්පසු බංග්ලාදේශය නියෝජනය කරමින් ඔහු පාකිස්තානයේ සහ ඉන්දියාවේ ටෙස්ට් තරග ක්‍රීඩා කළත් ඔහු තම රටට ගියේ නැත.

මේ අතර එහිදී බංග්ලාදේශයට නැවත යන්නේ දැයි විමසූ විට ෂකීබ් සඳහන් කළේ,

"මම බලාපොරොත්තු සහගතයි. ඒ නිසා මම විස්සයි20 ලීග් ක්‍රීඩා කරනවා. මම හිතන්නේ ඒක වෙයි" යනුවෙන්. "මට හිතෙන්නේ රසිකයින්ට සමුදෙන්න මේක හොඳ ක්‍රමයක්. ඔවුන් මට සැමවිටම සහයෝගය දැක්වූවා. ඒ නිසා ඔවුන්ට යමක් ආපසු ලබාදීමට අවශ්‍යයි".

ඉකුත් ඔක්තෝබර් මාසයේදී බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිතව තිබූ දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියේදී තම අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට ශකිබ් කැමැත්තෙන් පසු වුණා. එහෙත් තරගාවලියට පෙර ෂකිබ්ට එරෙහිව ඩකාහි විරෝධතා ඇතිව තිබුණා.

රාජ්‍ය සේවකයින්ගේ මේ නිවාඩු වහාම නතර කරන්න - චක්‍රලේඛයක්

රාජ්‍ය සේවකයින්ගේ මේ නිවාඩු වහාම නතර කරන්න - චක්‍රලේඛයක්

එනිසා බංග්ලාදේශ අන්තර්වාර රජයට ඔහුට ආරක්ෂිතව රටින් පිටවීම සහතික කළ නොහැකි වූ නිසා, දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරග සඳහා ෂකිබ්ව අතහැර දැමීමට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය කටයුතු කළා.

මේ අතර මෙම වසර මුලදී බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ ෂකිබ් බංග්ලාදේශ කණ්ඩායමට නැවත පැමිණීම සාදරයෙන් පිළිගන්නා බවයි.

2006 වසරේ සිට බංග්ලාදේශය නියෝජනය කරන ශකීබ් ටෙස්ට් ලකුණු 4,609ක් (100/5, 50/31), එක්දින ලකුණු 7,570 (100/9, 50/56) හා විස්සයි20 ලකුණු 2,551 (50/13) රැස්කර තිබෙනවා.

එයට අමතරව ටෙස්ට් කඩුලු 246ක්, එක්දින කඩුලු 317ක් හා විස්සයි20 කඩුලු 149කටද ඔහු හිමිකම් කියයි.  

රාජ්‍ය සේවකයන්ට විශේෂ නිවේදනයක්

රාජ්‍ය සේවකයන්ට විශේෂ නිවේදනයක්