දෙපිරිසක් රණ්ඩු වෙද්දි ඇසිඩ් ගහගෙන - දෙපැත්තේම තුන් දෙනා බැගින් හයකට අත්වුණ ඉරණම..
Sri Lanka
Hospitals in Sri Lanka
By krishani
දෙපිරිසක් අතර ඇති වූ ඇසිඩ් ප්‍රහාරයක් හා තියුණු ආයුධයකින් කළ පහරදීමක් සම්බන්ධයෙන් පුවතක් අහුන්ගල්ල පතිරාජගම ප්‍රදේශයෙන් වාර්තා වේ.
එහිදී හය දෙනකු තුවාල ලබා අද (11) දහවල් රෝහල් ගත කළ බව අහුන්ගල්ල පොලීසිය සඳහන් කළේ ය.
එම ගැටුමෙන් දෙපිරිසේම තිදෙනා බැගින් හය දෙනකුටම තුවාල සිදු වී තිබෙනවා.
කෙසේ වෙතත්, මේ හය දෙනා අතර කාන්තාවන් තිදෙනකු ද සිටින බව පොලීසිය සඳහන් කළේ ය.
