වහාම ක්‍රියාත්මක වන පරිදි රජයේ ලොකු පුටු 06කට ස්ථාන මාරුවීම්

Report

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරිය කෑගල්ල දිස්ත්‍රික්කයට මාරුකර යවා ඇති අතර, කෑගල්ල දිස්ත්‍රික්කය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා යාපනය දිස්ත්‍රික්කයටත්, යාපනය දිස්ත්‍රික්කයේ සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා කළුතර දිස්ත්‍රික්කයටත් මාරුකර යැවීමට පියවර ගෙන ඇත.

බඹරේ වැල්ලේ කැරකෙන කිරි ගහට ඇන්නා වගේ වැඩ තිතට හරියන අද දවසේ පලාපල

බඹරේ වැල්ලේ කැරකෙන කිරි ගහට ඇන්නා වගේ වැඩ තිතට හරියන අද දවසේ පලාපල

මීට අමතරව මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් සුබසාධන කොට්ඨාශය වෙත මාරුකර යවා ඇති අතර, පොලිස් සුබසාධන කොට්ඨාශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත මාරුකර යවා ඇති බවද වාර්තා වේ.

ඉදිරි පැය කීපයේ පස්වරු 2.00න් පසු දිවයිනේ මේ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අද දවසේ කාලගුණයේ වෙනස මෙන්න

ඉදිරි පැය කීපයේ පස්වරු 2.00න් පසු දිවයිනේ මේ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අද දවසේ කාලගුණයේ වෙනස මෙන්න