ලංකාවම හඬවමින් වෙඩි වැදුණ සීතා - සියල්ලන් පුදුමයට පත් කරමින් සති දෙකකට පසුව සිදුවුණ දේ.. මේ ඒ ගැනයි.

Sri Lanka Elephant
By krishani Oct 22, 2023 11:31 AM GMT
krishani

krishani

Report

වෙඩි වැදුණු සීතා ඇතින්න ගැන ලංකාවේ සියල්ලන් දැඩි සංවේදී වී තිබෙනවා.

වෙඩි වැදුණු සීතා ඇතින්න සති තුනකට පසු පැය කිහිපයක් පෙරේදා (21) නින්දට ගොස් ඇත.

ඒ බව එම ඇතින්නගේ හිමිකරු එස්.එම්. රොෂාන් සඳහන් කළේ ය.

එලෙස නින්දට ගොස් ඇත්තේ ආයුර්වේද ප්‍රතිකාර ලබාදීමෙන් පසුවයි.

පසුගිය 19 වනදා ස්ථීර වාසස්ථානය වූ මහරගම - ඇරව්වල ප්‍රදේශයට සීතා ඇතින්න රැගෙන ආවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල ගේ උපදෙස් පරිදි ය.

සීතා ඇතින්නට දින ගණනාවකට පසු නින්දක් ලැබීම ඉතාමත් යහපත් බව ඒ මහතා කියා සිටියේ ය.

කෙසේ වෙතත්, සීතා ඇතින්න පසුගිය 30 වන දා මහියංගන රජමහා විහාරස්ථානයේ පෙරහැරට සහභාගී වීමෙන් අනතුරුව ඒ ආසන්න භූමියක ගැට ගසා සිටිය දී මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක් විය. 

ReeCha