අක්කයි නංගියි එකතුවෙලා කරපු අමුතු සෙල්ලම හසුවෙයි.. සම්පූර්ණ විස්තරය

Srilanka Corona virus covid 19
By Sithumi Jan 13, 2022 03:54 PM GMT
Sithumi

Sithumi

Report

යාවත්කාලීන නොකළ විදේශ රැකියා එජන්සි බලපත්‍රයක් යොදාගෙන නීති විරෝධී අයුරින් විදේශ රැකියා එජන්සි ආයතනයක් පවත්වාගෙන යමින් කාන්තාවන්ගෙන් රුපියල් 2,445,000 ක මුදලක් වංචා කළ බව කියන සහෝදරියන් දෙදෙනෙක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

මහනුවර, කටුගස්තොට ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් කාන්තාවන් දොළොස්දෙනෙක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොකර සංචාරක වීසා මගින් ඩුබායිවලට යවා ඇති බවටත් ඕස්ටේ්‍රලියාවේ රැකියා ලබාදෙන බව පවමින් තවත් කාන්තාවකගෙන් රුපියල් ලක්‍ෂ 6 ක් ලබාගත් බවටත් අදාල කාන්තාවන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබේ.

මාතලේ පොලිසියේ ද සහයෝගය ලබාගනිමින් අදාල කාන්තාවන් දෙදෙනා මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවත් ඕස්ටේ්‍රලියාවට යැවීම සඳහා ලබාගත් රුපියල් 615000 ක මුදල ආපසු ලබාදීමට අධිකරණයේදී පොරොන්දු වූ බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසීය. අධිකරණය එම කාන්තාවන් දෙදෙනාම රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප දෙකක් මත මුදාහැරීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now