සිරිලිය නිසා ශිරන්ති රත්වෙයි..නඩුව උඩටම අදියි.. වැඩ බලන පොලිස්පතිටත් නියෝගය..
පසුගිය පාලන සමයන්හි මහත් ආන්දෝලනයට තුඩු දුන් අපරාධ පරීක්ෂණ හා පරිමාණ වංචා දූෂණයන්ට අදාළ අපරාධ පරීක්‍ෂණ පැමිණිලි විමර්ශනය කිරීම කඩිනමින් ආරම්භ කිරීමට සූදානම් වෙයි.
දැනට නතර වී ඇති මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව, සිරිලිය ගිණුම ඇතුළු වංචා දූෂණවලට අදාළ ලිපිගොණු විශාල සංඛ්‍යාවක් ඒ අතර ඇති බවයි වාර්තා වන්නේ.
එම පරීක්ෂණ කටයුතු කඩිනමින් සිදුකිරීමටත් අධිකරණය හමුවේ නඩු පැවරීමටත් කටයුතු කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව ,මාධ්‍යවේදීන් ඝාතන හා පැහැරගැනීමට අදාළ නඩු මෙන්ම තජූඩින් ඝාතනය ඇතුළු ආන්දෝලනාත්මක ව සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන ආරම්භ කිරීමට නියමිතය.
ඊට අදාළ පැමිණි විශාල සංඛ්‍යාවක් නැවත ගොනුකර පරීක්ෂණයට ලක් කිරීමට නියමිතව තිබේ.
මේ අතර 2015 ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව, පාස්කු ප්‍රහාරය ඇතුළු නඩු 7කට අදාළ පරීක්ෂණ කඩිනම් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යංශය වැඩ බලන පොලිස්පතිවරයාට දන්වා තිබෙනවා.
අද (12)පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.
You may like this -