අවුරුදු 60 සහ ඊට වැඩි වැඩිහිටියන් සඳහා - මිලියන 77 වියදමින් වැඩිහිටි රැකවරණය
මධ්යම පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙන්නේ රුපියල් මිලියන 77 ක වියදමින් වැඩිහිටි රැකවරණයට නව වැඩසටහනක් ක්රියාත්මක කිරිමටයි.
මධ්යම පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ ක්රියාත්මක වන මාතලේ කොටුවෙදෙගර සහනෝදය ජ්යෙෂ්ඨ පුරවැසි නිවහනේ නව දෙමහල් ගොඩනැගිල්ල මධ්යම පළාත් ආණ්ඩුකාර විශේෂ වෛද්ය හර්ෂ සුරංග ප්රනාන්දු මහතා සහ නියෝජ්ය අමාත්ය ගමගෙදර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා විවෘත විය.
ඒ අනුව නව ගොඩනැගිල්ල තුළ ජ්යෙෂ්ඨ පුරවැසියන් 25 දෙනෙකු සඳහා පහසුකම් සපයා තිබූ අතර 2050 වර්ෂය වනවිට ශ්රි ලංකාවේ ජනගහනයෙන් සියයට 25 ක් වයස අවුරුදු 60 සහ ඊට වැඩි වැඩිහිටියන්ගෙන් සමන්විත වන බවයි.
පුරෝකතනය කර ඇත. මිට සමගාමීව විශේෂ අවශ්යතා සහිත දරුවන් හා පුද්ගලයින් සඳහා අධ්යාපනික සහ වෛද්යාධාර ලබාදීම,ඇස් කන්නාඩි බෙදාදීම සහ අඩු ආදායම්ලාභීන්ට ස්වයං රැකියා ආරම්භ කිරිමට උපකරණ සහ ආධාර ලබාදිමට ද කටයුතු කර තිබුණා.