සුළු හා මධ්ය පරිමාණ ව්යාපාරිකයන්ට විශාල සහනයක් - COPF අනුමැතිය ලැබුණු ණය යෝජනා ක්රමයේ අලුත්ම තීරණය මෙන්න
2024 අංක 33 දරන රාජ්ය ණය කළමනාකරණ පනත යටතේ ඉදිරිපත් කළ යෝජනාව සහ 2026 වසරට අදාළ අංක 06 දරන පරිපූරක ඇස්තමේන්තුව (ක්ෂුද්ර, කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයන් සඳහා වන ණය යෝජනා ක්රමය) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
අදාළ ණය යෝජනා ක්රමය යටතේ ණය ලබාදීමේදී පොරොත්තු ලේඛනයේ සිටින අයදුම්කරුවන්ට ප්රමුඛතාව ලබාදෙන බව ද නිලධාරීහු ප්රකාශ කළහ. රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතාගේ ප්රධානත්වයෙන් පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි.
එම රැස්වීමට නියෝජ්ය අමාත්යවරුන්, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සහ අදාළ රාජ්ය නිලධාරීහු ද සහභාගී වූහ. මෙහිදී රාජ්ය ප්රසම්පාදන ක්රියාවලිය වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුත් සහ විධිමත් ක්රමවේදයක් බවට පත් කිරීම සඳහා ගෙන ඇති පියවර මෙන්ම නව ප්රසම්පාදන පනතක් සකස් කිරීමේ ප්රගතිය පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
ප්රසම්පාදන මාර්ගෝපදේශ සහ චක්රලේඛ බලාත්මක කිරීම ඇතුළුව සමස්ත ප්රසම්පාදන ක්රියාවලිය විධිමත් කිරීම අරමුණු කරගනිමින් සකස් කෙරෙන නව පනත් කෙටුම්පතේ ප්රගතිය මෙහිදී සමාලෝචනයට ලක් විය.
එම කෙටුම්පත ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුකූල කිරීම, අමාත්යාංශ සහ රාජ්ය ආයතනවල අදහස් ලබාගැනීමේදී සිදුවන ප්රමාදයන් මෙන්ම කෙටුම්පත සංශෝධනය කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.
රාජ්ය ප්රසම්පාදන කටයුතු ඩිජිටල්කරණය කිරීම සඳහා ක්රියාත්මක PROMIS (Procurement Management Information System) පද්ධතියේ ප්රගතිය ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. දැනට අමාත්යාංශ 19ක් ඇතුළුව සක්රීය ප්රසම්පාදන ඒකක 394ක් ආවරණය කරන මෙම පද්ධතිය, 2027 වසර වන විට පළාත් සභා සහ සියලුම රාජ්ය දෙපාර්තමේන්තු ද ඇතුළත් වන පරිදි ව්යාප්ත කිරීමට සැලසුම් කර තිබේ.
පද්ධතිය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 4.5ක ප්රදානයක් හිමිවන අතර, නව සංවර්ධකයෙකු තෝරාගැනීමට අදාළ තාක්ෂණික ඇගයීම් කටයුතු අවසන් කර එය ලෝක බැංකුවේ අනුමැතිය සඳහා යොමු කර ඇති බව ද මෙහිදී අනාවරණය විය.
ප්රසම්පාදන කටයුතුවලදී මතුවන ප්රමාදයන්, ලියාපදිංචි කිරීමේ ගැටලු සහ ඩිජිටල් පද්ධති ආශ්රිත අභියෝග පිළිබඳව ද කාරක සභාව සාකච්ඡා කළේය. විශේෂයෙන්ම ඖෂධ සහ අනෙකුත් අත්යවශ්ය භාණ්ඩ මිලදී ගැනීමේදී මෙන්ම ඖෂධ ලියාපදිංචි කිරීමේ ක්රියාවලියේදී පවතින ප්රමාදයන් අවම කර වෙළෙඳපොළ තරගකාරීත්වය ඉහළ නැංවීමේ අවශ්යතාව කාරක සභාව අවධාරණය කළේය.
ප්රසම්පාදන කමිටුවල මූල්ය සීමාවන් ඉහළ නැංවීම, නිරන්තරයෙන් සිදුකරන මිලදී ගැනීම් සඳහා දිගුකාලීන රාමුගත ගිවිසුම් ක්රමවේදයක් හඳුන්වාදීම සහ විවිධ ක්ෂේත්රවල අවශ්යතාවලට ගැළපෙන විශේෂිත ප්රසම්පාදන මාර්ගෝපදේශ සකස් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු ඉදිරිපත් විය.