කලා ඔයත් ගංවතුර මට්ටමට ළඟා වෙයි - පහත්බිම්වල ජනතාවට අනතුරු ඇඟවීමක් මෙන්න

Report

කලා ඔයේ ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්න වෙමින් පවතින බැවින් පහත්බිම් ආශ්‍රිතව ජීවත් වන ජනතාවට අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

කලා ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ප්‍රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂාපතනය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, රාජාංගනය, නොච්චියාගම, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගංගා නිම්නයේ පහළ ප්‍රදේශ සහ ඒ ආශ්‍රිත පහත්බිම්වලට ගංවතුර ඇතිවීමේ අවදානමක් පවතී.

කාලගුණයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ''දිවයිනට අඩු පීඩන බලපෑමක් නිසා ඔක්තෝබර් 27 දක්වා අවධානයෙන් සිටින්න''

කාලගුණයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ''දිවයිනට අඩු පීඩන බලපෑමක් නිසා ඔක්තෝබර් 27 දක්වා අවධානයෙන් සිටින්න''

රාජාංගනය ජලාශයෙන් ජලය මුදාහැරේ මේ අතර, රාජාංගනය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර ඇති අතර, මේ වන විට තත්පරයකට ඝන අඩි 13,200කට අධික වේගයකින් කලා ඔයට ජලය මුදාහරිමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය අනුව ඉදිරියේදී මුදාහරින ජල ප්‍රමාණය තවදුරටත් වැඩි කිරීමට සිදුවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. ජනතාවට විශේෂ දැනුම්දීමක් පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අදාළ ප්‍රදේශවල පදිංචි ජනතාව මෙන්ම එම ප්‍රදේශ හරහා ගමන් කරන රියදුරන් සහ මගීන් ද දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

දැදුරු ඔයේ ජල මට්ටම ඉහළට - ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමක්

දැදුරු ඔයේ ජල මට්ටම ඉහළට - ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමක්