ඉන්ධන සැපයුම සීමා කරයි - රට තුළ පෙට්‍රල් හිඟයක් - රතු පැහැති විශේෂ දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරයි

Report

මාධ්‍ය වාර්තා කරන්නේ සිය බලයලත් පිරවුම්හල් ජාලය වෙත ලබාදෙනු ලබන දෛනික ඉන්ධන සැපයුම සීමා කිරීමට මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළේ සක්‍රියව කටයුතු කරන ප්‍රමුඛ චීන සමාගමක් වන 'සිනොපෙක්' සමාගම විසින් තීරණය කර ඇති බවයි.

ඒ අනුව සමාගම විසින් ක්‍රියාත්මක කරන ලද මෙම ඉන්ධන කප්පාදුව හේතුවෙන් දිවයින පුරා පිහිටි සිනොපෙක් ඉන්ධන පිරවුම්හල් රැසක විශේෂයෙන්ම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් හිඟයක් නිර්මාණය වී ඇති අතර, ඒ හේතුවෙන් ඉන්ධන ලබාගැනීමට පැමිණෙන පාරිභෝගික ජනතාව අපහසුතාවට පත්ව ඇත.

ඉන්ධන මිල හා අස්වැසුම ගැන සුභ ආරංචියක් - පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා හෙළිකළ තොරතුරු මෙන්න

ඉන්ධන මිල හා අස්වැසුම ගැන සුභ ආරංචියක් - පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා හෙළිකළ තොරතුරු මෙන්න

රටේ ප්‍රදේශ රැසක පිහිටි සිනොපෙක් පිරවුම්හල් පරිශ්‍රයන්හි රතු පැහැති විශේෂ දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරමින් මේ සම්බන්ධයෙන් කරුණු දක්වා ඇත.

"සිනොපෙක් ආයතනය ඔවුන්ගේ සියලු ඉන්ධන පිරවුම්හල් සඳහා ලබා දෙනු ලබන ඉන්ධන සීමා කර ඇති බැවින්, ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන පාරිභෝගිකයන් පත්වන අපහසුතාව වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කරමු" යනුවෙන් එම පිරවුම්හල් පාලනාධිකාරිය විසින් පාරිභෝගිකයන් වෙත දැනුම් දී තිබේ.

ගෑස් වෙනුවෙන් දුරකථන අංකයක් - ගෑස් සම්බන්ධ අක්‍රමිකතා වාර්තා කරන්න - මේ දුරකථන අංකයකට දැන්ම ඇමතුමක් ගන්න - ජනතාවට විශේෂ නිවේදනයක්

ගෑස් වෙනුවෙන් දුරකථන අංකයක් - ගෑස් සම්බන්ධ අක්‍රමිකතා වාර්තා කරන්න - මේ දුරකථන අංකයකට දැන්ම ඇමතුමක් ගන්න - ජනතාවට විශේෂ නිවේදනයක්

පිරවුම්හල් හිමියෝ පවසන්නේ සමාගමේ බෙදාහැරීම් පර්යන්තයෙන් ලැබෙන ඉන්ධන තොග සැලකිය යුතු ලෙස සීමා කිරීම නිසා දෛනිකව ඇණවුම් කරන ඉන්ධන තොග නොලැබීමෙන් පිරවුම්හල් අක්‍රිය වන තත්ත්වයකට පත්ව ඇති බවයි.