සහල් මාෆියාව නවත්වන්න ඇමති බන්දුලට බලය දීලා
වෙළෙඳපොළ සහල් මිල ස්ථාවරව පවත්වා ගැනීම සඳහා ඕනෑම පියවරක් ගන්නා ලෙසට ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධනට විශේෂ අවසරයක් ලබා දී තිබෙනවා.
සිංහල අලුත් අවුරුද්ද වන විට සහල් කිලෝවක් රුපියල් 300 දක්වා වැඩි වන බවට “සහල් වෙළෙඳපොළ මාෆියාව” විසින් මතවාදයක් ඇතිකර ඒ මතවාදය ස්ථාපිත කර පාරිභෝගික ජනතාව ඉතා විශාල ලෙස පීඩාවට පත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බවට පැහැදිලිව පෙනෙන්නට තිබෙන බැවින් එම තත්ත්වය සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තමාට මෙසේ බලය දුන් බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන සඳහන් කළා.
ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය පෙරේදා (10 දා) රැස් වූ අවස්ථාවේ දී මෙම විශේෂ අවසරය තමාට ලබා දුන් බව යි ඊයේ (11 දා) පැවැති මාධ්‍ය හමුවක දී වෙළෙඳ ඇමැතිවරයා සඳහන් කළේ.
කුමන තත්ත්වයක් යටතේ වුවත් මෙම වසර පුරා නාඩු සහල් කිලෝවක් රුපියල් 100ට අඩුවෙනුත්, සුපිරි සම්බා සහල් කිලෝවක් රුපියල් 130ට අඩුවෙනුත් පවත්වාගෙන යන බවට සහතික වන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |