හයිවේ එකේ හයි වේගෙන් දිගු කළක් රැගෙන ගිය මත්ද්‍රව්‍ය

drugs highway hot news sri lanka sinhala news today trending news suspect arrested gagana newes
By krishani Jan 12, 2022 02:52 AM GMT
krishani

krishani

Report

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ සීදුව පිටවීමේ දොරටුව අසල රාජකාරි කටයුතු සිදු කරනු ලබන විශේෂ කාර්ය බලකා නිලධාරින්ට ලද තොරතුරක් අනුව සිදු කරන ලද සෝදිසි කිරීමක දී ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු ඊයේ (11) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු විසින් අදාළ මත්ද්‍රව්‍ය තොගය මුල්ලේරියාව ප්‍රදේශයේ සිට හලාවතට රැගෙන යමින් තිබී ඇති අතර, එය මෝටර් රථයකින් ප්‍රවාහනය කෙරෙමින් තිබියදීයි, මෙලෙස පොලිස් අත්අඩංගුවට ගැනුණේ.

සැකකරු සන්තකයේ තිබී සොයාගත් කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් ලක්ෂ හයකට අධික වන අතර, එහි තිබී කිලෝග්‍රෑම් 4කට අධික තොගයක් සොයා ගැනුණා.

මෙලෙස අත් අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36ක් වූ මුල්ලේරියාවේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.

මෙම තැනැත්තා දිගු කලක සිට අධිවේගී මාර්ගය භාවිත කරමින් මෙලෙස කේරළ ගංජා ප්‍රවාහනය කර ඇති බවටයි ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සීදුව පොලීසිය විසින් සිදු කරනු ලබනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now