පවුල් ආරවුලකින් නිවිතිගල මනුෂ්‍ය ඝාතනයක්
trending news
gagana news
sri lanka sinhala news
today hot news
a murder
By krishani
නිවිතිගල පොලිස් වසමේ කිරිමඩුව ලයිම, පහළ කොටස ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ආරවුලක් ඇති වී තිබෙනවා.
ඊයේ(11) දින ඇති වූ මෙම ගැටුමෙන් එක් පුදගලයෙකු මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.
තල්ලු කිරීමෙන් සිදු වූ ඇදවැටීමකිනු යි මෙම අනතුර සිදු වී තිබෙන්නේ.
මියගොස් ඇත්තේ, වයස අවුරුදු 77ක කිරිමඩුව - පහළ කොටස - නිවිතිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අදාළ පවුල් දෙක අතර කාලයක සිට ආරවුලක් පැවත ඇති අතර, ඝාතනයට සම්බන්ධ ව සැකකරුවන් පස් දෙනෙකු මේ වනවිට හඳුනාගෙන තිබුණත් ඔවුන් ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව වාර්තා වෙනවා.
නිවිතිගල පොලිසිය විසින් ඝාතනයට අදාළ වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |